අබුඩාබි T10 තරගාවලියට දින නියම වෙයි

Date:

අබුඩාබි T10 තරගාවලියේ 5 වන අදියර මෙම වසරේ දී පැවැත්වීම සදහා දින නියම කර තිබෙනවා.

ඒ අනුව නොවැම්බර් 19 වනදා සිට දෙසැම්බර් 4 වනදා දක්වා තරගාවලිය පැවැත්වීමට නියමිතයි.

තරගාවලිය දින 15ක් පුරා පැවැත්වීමට නියමිත අතර, මීට පෙර පැවැති අබුඩාබි T10 තරගාවලි කිසිවක් එතරම් දින සංඛ්‍යාවක් දක්වා පවත්වා තිබුණේ නැහැ.

දෙසැම්බර් දෙවැනිදාට යෙදෙන එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ 50 වැනි ජාතික දින සැමරුම මීට හේතු වී ඇති බව සදහන්.

මෙවර 20යි 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය ද නොවැම්බර් 15 වනදා දක්වා ඉන්දියාවේ දී පැවැත්වීමට නියමිතව ඇති නමුත් එරට පවතින කොවිඩ් 19 වසංගත තත්ත්වය හේතුවෙන් ඇතැම් විට ලෝක කුසලාන තරගාවලිය එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ පැවැත්වීමට කටයුතු කිරීමට ද ඉඩ තිබෙනවා.

එසේ වුවහොත්, ලෝක කුසලානයට සහභාගී වන ක්‍රීඩකයින්ට (T10 තරගාවලියට ද එක්වන) ගුවන් සංචාරයක් නොමැතිව සහ නිරෝධායනයකට යටත් නොවී T10 තරගාවලිය සදහා එක්වීමේ අවස්ථාව ද උදා වනු ඇති.

අබුඩාබි T 10 තරගාවලියේ සිව්වන අදියර පසුගිය ජනවාරි සහ පෙබරවාරි මාසවලදී පැවැති අතර, එහි ශුරතාවය දිනා ගත්තේ නොදන් වොරියර්ස් කණ්ඩායමයි.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...