නවසීලන්ත ටෙස්ට් සාමාජිකයින් 4ක් දිල්ලියේ ජෛව ආරක්ෂිත බුබුලකට – බෝල්ට් යළි සියරටට

Date:

අයි.පී.එල් තරගාවලියට සහභාගී වූ සිය ක්‍රීඩකයින් කිහිපදෙනෙකු තවත් දින කිහිපයක් ඉන්දියාවේ දිල්ලි නුවර රැදී සිටින බව නවසීලන්ත ක්‍රිකට් ආයතනය පවසනවා.

අනතුරුව ඔවුන් ලබන 11 වනදා එංගලන්තය බලා පිටත්ව යන බවයි එරට ක්‍රිකට් ආයතනය සදහන් කළේ.

එංගලන්තය සමග පැවැත්වීමට නියමිත තරග දෙකකින් යුත් ටෙස්ට් තරගාවලියට සහ ලෝක ටෙස්ට් ශූරතාවලියේ අවසන් මහා තරගයට ක්‍රීඩා කිරීමේ අරමුණින් ඔවුන් එලෙස එංගලන්තය බලා පිටත්ව යනවා.

ඒ අනුව නායක කේන් විලියම්සන්, ක්යිල් ජමිසන් සහ මිචෙල් සැන්ට්නර් මෙන්ම භෞත චිකිත්සක Tommy Simsek කුඩා ජෛව ආරක්ෂිත බුබුලක් තුළ ඉදිරි දින කිහිපය රැදී සිටිනු ඇති.

කෙසේ වෙතත්, වේග පන්දු යවන ක්‍රීඩක ට්‍රෙන්ට් බෝල්ට් හෙට(8) දිනයේ දී නවසීලන්තය බලා පිටත්ව යාමට නියමිතයි.

පවුලේ සාමාජිකයින් සමග කාලය ගත කිරීම සදහා ඔහු එලෙස පැමිණෙන බවත්, ජූනි මස මුලදී යළි ඔහු ටෙස්ට් සංචිතය සමග සම්බන්ධ වන බවත් නවසීලන්ත ක්‍රිකට් ආයතනය නිවේදනය කළා.

ඒ අනුව ඔහුට එංගලන්තයට එරෙහි පළමු ටෙස්ට් තරගය ක්‍රීඩා කිරීමේ අවස්ථාව අහිමි වන නමුත්, දෙවැනි ටෙස්ට් තරගය සදහා ක්‍රීඩා කිරීමට වැඩි අවස්ථාවක් පවතිනවා.

ලෝක ටෙස්ට් ශූරතාවලියේ අවසන් මහා තරගය සදහා අනිවාර්යයෙන්ම ට්‍රෙන්ට් බෝල්ට් ක්‍රීඩා කරන බවයි නවසීලන්ත ක්‍රිකට් ආයතනය නිකුත් කළ නිවේදනයක දැක් වුණේ.

ටෙස්ට් සංචිතයට ඇතුළත්, එහෙත් මේ වන විට නවසීලන්තයේ රැදී සිටින සෙසු ක්‍රීඩකයින් මැයි 16 සහ 17 යන දිනවලදී එංගලන්තය බලා පිටත්ව යනු ඇති.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...