ඔස්ට්‍රේලියානු හිටපු ටෙස්ට් ක්‍රීඩකයා පැහැර ගත් 4 දෙනෙකු අත්අඩංගුවට

Date:

ඔස්ට්‍රේලියානු හිටපු ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩකයෙකු වූ ස්ටුවර්ට් මැක්ගිල් පැහැරගෙන යාමේ සිද්ධියට සම්බන්ධ සැකකරුවන් සිව් දෙනෙකු එරට පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

පසුගිය මස 14 වැනිදා සිඩ්නිහි පිහිටි තම නිවස ආසන්නයේ දී යි 50 හැවිරිදි ඔහුව පැහැර ගැනීමකට ලක්ව තිබුණේ.

ආයුධ සන්නද්ධ පිරිසක් විසින් මෙම පැහැර ගැනීම සිදු කර තිබූ අතර, එහිදී ස්ටුවර්ට් මැක්ගිල්ට පහර දී තර්ජනය කර තිබූ බව සදහන්.

පැහැර ගැනීමෙන් පැයකට පමණ පසුව ඔහුව නිදහස් කිරීමට ද කටයුතු කර තිබුණා.

කප්පම් ගෙවීමක් සිදු කර නොතිබුණ ද, මෙම පැහැර ගැනීම එවැනි උවමනාවක් මත සිදු කළ පැහැර ගැනීමක් බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.

පා දග පන්දු යවන්නෙකු වූ ස්ටුවර්ට් මැක්ගිල් 1998 සහ 2008 කාලයේ දී ඔස්ට්‍රේලියාව වෙනුවෙන් ටෙස්ට් තරග 44කට ක්‍රීඩා කර තිබූ අතර, එහිදී බිද හෙලා තිබූ කඩුලු ගණන 208ක්.

ශේන් වෝර්න් වැනි විශිෂ්ඨ ක්‍රීඩකයෙකු එම කාලයේ දී කණ්ඩායමේ රැදී නොසිටියේනම් ස්ටුවර්ට් මැක්ගිල්ට ඔස්ට්‍රේලියාව නියෝජනය කිරීම සදහා තවත් වැඩි අවස්ථාවන් හිමිවන්නට ඉඩ තිබූ බවටයි බොහෝ දෙනෙකු විශ්වාසය පල කරන්නේ.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...