IPL අර්බුදයට ශ්‍රී ලංකාවත් මැදි වෙයි

Date:

ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය අතරමගදී අත්හිටුවීමට පියවර ගැනීමත් සමග තරගාවලියට විදෙස් රටවලින් එක් වූ ක්‍රීඩකයින්, පුහුණුකරුවන්, විස්තර විචාරකයින් ඇතුළු සියලු පිරිස යළි අදාළ රටවල් වෙත පිටත් කර හැරීම සදහා මේ වන විටත් අයි.පී.එල් බළධාරීන් කටයුතු කරමින් සිටිනවා.

ඒ අතරින් එංගලන්ත ක්‍රීඩකයින් 8 දෙනෙකු ඊයේ දිනය වන විටත් ලන්ඩන් නුවර වෙත ළගා වූ බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.

ජොනී බෙයාර්ස්ටව්, ජොස් බට්ලර්, සෑම් බිලින්ග්ස්, ක්‍රිස් වෝක්ස්, මොයීන් අලී, ජේසන් රෝයි සහ කරන් සහෝදරයන් (ටොම් හා සෑම්) මෙලෙස එංගලන්තය වෙත පැමිණ ඇති බව සදහන්.

අදාළ ක්‍රීඩකයින් රජයේ අනුමත හෝටල් තුළ දී නිරෝධායනයට ලක්වීමට නියමිතයි.

ඔයින් මෝර්ගන්, ඩාවිඩ් මලාන් සහ ක්‍රිස් ජෝර්ඩන් ද කඩිනමින් එරටට ළගා වනු ඇති.

කෙසේ වෙතත්, තරගාවලියට සම්බන්ධ වූවන් මෙලෙස පිටත් කර හැරීමේ දී අයි.පී.එල් බළධාරීන් මුහුණ දී ඇති ප්‍රධානම ගැටලුවක් බවට පත්ව ඇත්තේ ඕස්ට්‍රේලියානුවන් පිටත් කර හරින්නේ කෙසේ ද යන්නයි.

ඉන්දියාවේ පවතින කොවිඩ් අවධානම හේතුවෙන් එරට සිට ඔස්ට්‍ර්ලියාවට පැමිණීමට මේ වන විට කිසිදු පුද්ගලයෙකුට අවසර හිමි වන්නේ නැහැ.(මැයි 15 වනදා දක්වා)

කෙසේ වෙතත්, මෙම තහනම පැනවීමට පෙර ඇඩම් සම්පා ඇතුළු ඔස්ට්‍රේලියානු ක්‍රීඩකයින් තිදෙනෙකු අයි.පී.එල් තරගාවලිය ක්‍රියාත්මක වන අතරමගදී තරගාවලියෙන් ඉවත් වී සියරට බලා පිටත්ව ගියා.

නමුත්, තවත් ඔස්ට්‍රේලියානු ක්‍රීඩකයින් 14 දෙනෙකු පමණ ඉන්දියාවේ රැදී සිටින අතර, දිල්ලි කැපිටල්ස් පුහුණුකරු රිකී පොන්ටින්, රෝයල් චැලෙන්ජර්ස් බැංගලෝර් පුහුණුකරු සයිමන් කැටිච් මෙන්ම බ්‍රෙට් ලී වැනි ඔස්ට්‍රේලියානු විස්තර විචාරකයින් ද තවදුරටත් ඉන්දියාවේ රැදී සිටිනවා.

ඔවුන් සෘජුව ඉන්දියාවේ සිට ඔස්ට්‍රේලියාවට පිටත් කර හැරීමට නොහැකි බැවින් ශ්‍රී ලංකාව හෝ මාලදිවයින හරහා ඔස්ට්‍රේලියාවට පිටත් කර හැරීම සම්බන්ධයෙනුයි මේ වන විට අවධානය යොමුව ඇත්තේ.

එහිදී විශේෂ ගුවන් යානා ඔස්සේ ඔවුන් පිටත් කර හැරීමට සැලසුම් කරමින් පවතිනවා.

කෙසේ වෙතත්, අද දිනයේ සිට ඉන්දියාවේ සිට ශ්‍රී ලංකාවට පැමිණීමට ද කිසිදු සංචාරකයෙකුට අවසර හිමි වන්නේ නැහැ.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...