චෙන්නායි පිතිකරණ පුහුණුකරු මයික් හසීටත් කොරෝනා

Date:

චෙන්නායි සුපර් කිංග්ස් කණ්ඩායමේ පිතිකරණ පුහුණුකරු මයික් හසීට ද කොවිඩ් 19 හෙවත් කොරෝනා වෛරසය ආසාදනය වී තිබෙනවා.

ඒ හේතුවෙන් ඔහුට වැඩි කාලයක් ඉන්දියාව තුළම රැදී සිටීමට සිදු වනු ඇති.

“අවාසනාවන්ත ලෙස මයික්ට කොවිඩ් ආසාදනය වෙලා තියෙනවා. ඔහු තාමත් දිල්ලියේ රැදී සිටින්නේ. ඔහුට ගෙදර යන්න කළින් නිරෝධායන මාර්ගෝපදේශ පිළිපදින්න සිද්ධ වෙනවා.” යනුවෙන් චෙන්නායි කණ්ඩායමේ ප්‍රධාන විධායක නිළධාරී කසී විස්වනාතන් (Kasi Viswanathan) සදහන් කළා.

නිරෝධායන කාලය අවසන් කිරීමෙන් අනතුරුව ඔහුව මාලදිවයින හරහා ඔස්ට්‍රේලියාව බලා පිටත් කර හැරීමට කටයුතු කරන බවයි ඔහු කියා සිටියේ.

මීට පෙර චෙන්නායි සුපර් කිංග්ස් කණ්ඩායමේ පන්දු යැවීමේ පුහුණුකරු එල්. බලාජිට සහ සේවා කාර්යය මණ්ඩලයේ සාමාජිකයෙකුට ද කොවිඩ් 19 ආසාදනය වුණා.

කණ්ඩායම් කිහිපයකින්ම කොවිඩ් 19 ආසාදිතයින් වාර්තාවීම හේතුවෙන් මෙවර අයි.පී.එල් තරගාවලිය අතරමගදී අත්හිටුවීමටයි ඊයේ තීරණය කෙරුණේ.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...