කුසල් මෙන්ඩිස්ට විරුද්ධව අපහාසාත්මක ලිපි පළ කිරීම වළක්වමින් පුවත්පතකට එරෙහිව වාරණ නියෝගයක්

Date:

ක්‍රිකට් ක්‍රීඩක කුසල් මෙන්ඩිස්ට විරුද්ධව අපහාසාත්මක ලිපි පළ කිරීම වළක්වමින් පුවත්පතකට එරෙහිව අද(5) වාරණ නියෝගයක් නිකුත් කෙරුණා.

ඒ, කොළඹ දිස්ත්‍රික් අධිකරණය මගින්.

තමන්ට සිදු වූ අපහාස කිරීමක් සම්බන්ධයෙන් රුපියල් මිලියන 600ක වන්දියක් ඉල්ලා කුසල් මෙන්ඩිස් විසින් ගොණු කළ පෙත්සමක් සළකා බැලීමේ දී මෙම වාරණ නියෝගය නිකුත් කළ බව සදහන්.

තමන්ට එරෙහි අපහාසාත්මක ප්‍රකාශන වැළැක්වීම සඳහා වාරණ නියෝගයක් නිකුත් කරන ලෙස ඔහු මෙම පෙත්සමෙන් ඉල්ලා තිබුණා.

කුසල් මෙන්ඩිස් සම්බන්ධ වූ රිය අනතුර සම්බන්ධයෙන් සඳහන් කරමින් අපහාසාත්මක ලිපි කිහිපයක් පළ කර ඇති බවටයි ඔහු අදාළ පෙත්සම ගොණු කරමින් පෙන්වා දුන්නේ.

මීට අදාළ නඩුව ලබන 19 වනදා යළි කැදවීමට නියමිතයි.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...