මාසයේ ක්‍රිකට් ක්‍රීඩකයා සදහා වන නිර්දේශිත නාම අයි.සී.සීය නිවේදනය කරයි

Date:

ජගත් ක්‍රිකට් කවුන්සලය (අයි.සී.සී) විසින් අප්‍රේල් මාසයට අදාළ අයි.සී.සී මාසයේ ක්‍රිකට් ක්‍රීඩකයා සම්මානය (ICC Player of the Month Awards for April)  සදහා වන නිර්දේශිත නාම අද ප්‍රකාශයට පත් කළා.

ඒ අනුව පාකිස්තානයේ බබාර් අසාම් සහ ෆකාර් සමාන් මෙන්ම නේපාලයේ කුෂාල් භුර්ටෙල් (Kushal Bhurtel) ඒ සදහා නිර්දේශ කර ඇති බවයි ජගත් ක්‍රිකට් කවුන්සලය නිවේදනය කළේ.

දකුණු අප්‍රිකාවට එරෙහි තරග 3කින් යුත් එක්දින ක්‍රිකට් තරගාවලියේ දී දැක් වූ සුවිශේෂී දක්ෂතා හේතුවෙන් බබාර් අසාම් සහ ෆකාර් සමාන් මෙම සම්මානය සදහා නිර්දේශ කර තිබෙනවා.

බබාර් එහිදී ඉනිම් දෙකකදී ලකුණු 103ක් සහ 94ක් රැස් කිරීමට ද සමත් වූ අතර, තරගාවලිය පුරා ඔහු වාර්තා කළ ලකුණූ සංඛ්‍යාව 228ක්.

එම දක්ෂතා හේතුවෙන් විරාට් කෝලි අභිබවා එක්දින ශ්‍රේණිගත කිරීම්හි පෙරමුණ ගැනීමට ද බබාර් අසාම් සමත් වුණා.

එමෙන්ම බබාර් අසාම් අප්‍රේල් මාසයේ දී 20යි 20 තරග 7ක් ක්‍රීඩා කළ අතර, එහිදී රැස් කළ ලකුණු සංඛ්‍යාව 305ක්.

ෆකාර් සමාන් ද දකුණු අප්‍රිකාවට එරෙහි එක්දින තරගාවලියේ දී සුවිශේෂී දක්ෂතා දක්වමින් ලකුණු 302ක් රැස් කළේ ඉනිමක සාමාන්‍ය 100.66ක් ලෙස සටහන් කරමින්.

ඊට ශතක දෙකක් ද ඇතුළත්.

මේ අතර, නේපාලයේ Kushal Bhurtel මෙම සම්මානය සදහා නිර්දේශ කර ඇත්තේ නෙදර්ලන්තය සහ මැලේසියාවට එරෙහිව පැවැති තුන්කොන් 20යි 20 තරගාවලියේ දී දැක් වූ දක්ෂතා පදනම් කර ගනිමින්.

එම තරගාවලියේ දී ඔහු ලකුණු 278ක් ලබා ගත්තේ අර්ධ ශතක 4ක් සමගින්.

ඊට අඛණ්ඩව වාර්තා කළ අර්ධ ශතක 3ක් ද ඇතුළත් වූ අතර, 20යි 20 ජාත්‍යන්තර තරග ඉතිහාසයේ දී එවැනි දක්ෂතාවයක් දැක් වූ පළමු පිතිකරුවා වන්නේ ද ඔහුයි.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...