බිග් බෑෂ් ලීගයෙන් නම් කළ හොඳම ක්‍රීඩකයන් 11 අතරට ශ්‍රී ලංකා ක්‍රීඩකයෙකුත්

Date:

බොහෝ ක්‍රිකට් ක්‍රීඩකයන් ක්‍රීඩා කිරීමට සිහින මවන ලොව ප්‍රමුඛ පෙළේ විස්සයි විස්ස ක්‍රිකට් ලීගයක් ලෙස බිග් බෑෂ් ලීග් (BBL) තරගාවලිය නම් කරන්න පුලුවන්.

ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලියෙන් පසුව ලොව පුරා බොහෝ දෙනෙකුගේ වැඩි අවධානයක් යොමු වන ක්‍රිකට් ලීගය ලෙසත් බැග් බෑෂ් තරගාවලිය සැලෙකනවා.

මේ දක්වා BBL තරගාවලි 10 ක් අඛණ්ඩව පවත්වා ඇති අතර එහිදී කණ්ඩායම් අටක් එකෙනෙකා සමගින් තරග වැදුණා.

එහි මුල්ම තරගාවලිය 2011 වසරේ දී යි පැවැත්වුණේ.

කිහිපවරක්ම ලෝක කුසලාන දිනා ඇති ලොව ප්‍රබල ක්‍රිකට් රාජ්‍යයක් වන ඕස්ට්‍රේලියාවේ පැවැත්වෙන ප්‍රමුඛතම විස්සයි විස්ස ලීග් තරගාවලිය වන බිග් බෑෂ් ලීගයේ අවසන් අදියර මේ වසරේ මුල අවසානය දුටුවේ සිඩ්නී සික්සර්ස් කණ්ඩායමට තෙවන වරටත් ශූරතාවය හිමිකරදෙමින්.

මෙතෙක් පැවැති සියලු තරගාවලි පුරා ක්‍රීඩා කළ ක්‍රීඩකයන් අතරින් හොඳම ක්‍රීඩකයන් 11 දෙනෙකුගෙන් යුත් කණ්ඩායමක් බිග් බෑෂ් ලීග් සංවිධායකයින් සිය සමාජ මාධ්‍ය ඔස්සේ මේ වන විට ප්‍රකාශයට පත් කර තිබෙනවා.

ඒ, ප්‍රේක්ෂකයින්ගේ මනාප සැලකිල්ලට ගනිමින්.

එම සුපිරි ක්‍රීඩකයින් 11 දෙනා අතරට ශ්‍රී ලංකා හිටපු විස්සයි විස්ස නායක සහ සුපිරි වේග පන්දු යවන ක්‍රීඩක ලසිත් මාලිංග ද ඇතුළත්ව තිබීම විශේෂත්වයක්.

හිටපු ශ්‍රී ලංකා ක්‍රීඩකයන් කිහිපදෙනෙකු ද බිග් බෑෂ් තරගාවලි සදහා මීට පෙර ක්‍රීඩා කර ඇති අතර ඉන් ලසිත් මාලිංගට විශේෂ ස්ථානයක් හිමිවන්නේ ඔහු ප්‍රදර්ශනය කළ දක්ෂතා හේතුවෙන්.

2012 වසරේ පැවති BBL තරගාවලියේ දී මෙල්බර්න් ස්ටාර්ස් කණ්ඩායම නියෝජනය කළ ලසිත් මාලිංග පර්ත් ස්කෝචර්ස් කණ්ඩායම සමග පැවති තරගයකදී ලකුණු 07 කට කඩුලු 6 ක් බිඳ හෙලීමට සමත්වුණා.

එය අදටත් BBL තරගාවලි ඉතිහාසයේ හොඳම පන්දු යැවිම ලෙසයි වාර්තා අතරට එක්ව ඇත්තේ.

BBL තරග 13 කට පමණක් ක්‍රීඩා කර ඇති ලසිත් මාලිංග එහිදී බිඳ හෙලා තිබෙන කඩුලු ගණන 18 ක්.

බිග් බෑෂ් ලීගයේ දී පන්දු වාරයකට ලකුණු ලබාදීමේ සාමාන්‍ය 5.4 ක් ලෙස ඔහුගේ සටහන්ව ඇති අතර, පන්දු යැවීමේ සාමාන්‍ය සටහන් වන්නේ 15ක් ලෙසයි.

මේ සියලු දත්ත සළකා බලන විට එදා මෙදාතුර බ්ග් බෑෂ් ලීගයේ හොඳම කණ්ඩායමට ඔහු ඇතුළත් වීමනම් පුදුමයක් නොවේ.

එම කණ්ඩායම මෙසේයි.

01. ආරෝන් ෆින්ච්, 02. ක්‍රිස් ගේල්, 03. ක්‍රිස් ලින්, 04. බ්‍රෙන්ඩන් මැකලම්, 05. කෙවින් පීටර්සන්, 06. ග්ලේන් මැක්ස්වෙල්, 07. මැතිව් වේඩ් ( wk ), 08. රෂීඩ් ඛාන්, 09. මිචෙල් ජොන්සන්, 10. බ්‍රෙට් ලී, 11. ලසිත් මාලිංග

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...