බට්ලර්ගේ සුපිරි ශතකයත් සමග රාජස්ථානට විශිෂ්ඨ ජයක් – Match Report

Date:

ජොස් බට්ලර් වාර්තා කළ ඉන්දීය ප්‍රිමියර් ලීග් තරග බිමේ සිය පළමු ශතකයත් සමග රාජස්ථාන් රෝයල්ස් කණ්ඩායම අද(2) විශිෂ්ඨ ජයක් වාර්තා කළා.

සන්රයිසස් හයිදරාබාද් කණ්ඩායම සමග දිල්ලි ක්‍රීඩාංගනයේ පැවැති මෙම තරගයෙන් රාජස්ථාන් පිල ජය වාර්තා කළේ ලකුණු 55කින්.

තරගයේ පළමුවෙන් පන්දුවට පහරදුන් රාජස්ථාන් කණ්ඩායම කඩුලු 3කට ලකුණු 220ක් රැස් කළ අතර, ඉනිමට සුවිශේෂී දායකත්වයක් දැක් වූ ජොස් බට්ලර් පන්දු 64කින් වාර්තා කළ ලකුණු සංඛ්‍යාව 124ක්.

හයේ පහර 8කින් සහ හතරේ 11කින් ඔහුගේ ඉනිම වර්ණවත් වුණා.

බට්ලර් සිය පළමු පන්දු 32 තුළ ලකුණු 34ක් පමණක් ලබා සිටි අතර, අවසන් පන්දු 32 තුළ ලබා ගත් ලකුණු සංඛ්‍යාව 90ක්.

සංජු සැම්සන් පන්දු 33කින් ලකුණු 48ක් රැස් කළා.

පන්දු යැවීමේ දී සන්දීප් ෂර්මා, රෂීඩ් ඛාන් සහ විජයි ශන්කර් එක් කඩුල්ල බැගින් බිද හෙලුවා.

ලකුණු 221ක දැවැන්ත ඉලක්කයක් හඹා ගිය සන්රයිසස් හයිදරාබාද් කණ්ඩායමට නියමිත පන්දුවාර 20 නිමා කිරීමට සිදු වූයේ කඩුලු 8කට ලකුණු 165ක් ලබා ගනිමින්.

මනීෂ් පාන්ඩේ ලකුණු 31ක්, ජොනී බෙයාර්ස්ටව් ලකුණු 30ක් සහ නායක කේන් විලියම්සන් ලකුණු 20ක් රැස් කළා.

පන්දු යැවීමේ දී මුස්ටෆිසුර් රෙහ්මාන් සහ ක්‍රිස් මොරිස් අතරේ කඩුලු 3 බැගින් බෙදී ගියා.

මේ වන විට රාජස්ථාන් කණ්ඩායම මෙවර තරග වාරය යටතේ ක්‍රීඩා කළ තරග 7න් තරග 3ක් ජය ගනිමින් ප්‍රසාද ලකුණු සටහනේ 5 වැනි ස්ථානයේ පසුවන අතර, ක්‍රීඩා කළ තරග 7න් තරග 6ක්ම පරාජයට පත් වූ සන්රයිසස් කණ්ඩායමට හිමිව ඇත්තේ ප්‍රසාද ලකුණු සටහනේ අවසන් ස්ථානයයි.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...