ප්‍රවීන්ගේ වාර්තාවත් සමග බංග්ලාදේ්ශය ලකුණු 251කට සීමා වෙයි – Innings Report

Date:

බංග්ලාදේශයට එරෙහිව පල්ලේකැලේ ක්‍රීඩාංගනයේ මේ වන විට පැවැත්වෙන දෙවැනි ටෙස්ට් ක්‍රිකට් තරගයේ දී ටෙස්ට් වරම් හිමි කර ගත් ප්‍රවීන් ජයවික්‍රමගේ විශිෂ්ඨ පන්දු යැවීම හමුවේ බංග්ලාදේශ පළමු ඉනිම ලකුණු 251කට සීමා කර ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම අද (1) හැකි වුණා.

මෙම ඉනිමේ දී ශ්‍රී ලංකාව වෙනුවෙන් ප්‍රවීන් ජයවික්‍රම ලකුණු 92කට කඩුලු 6ක් බිද හෙලූ අතර, එය වාර්තා අතරට එක් වුණේ ශ්‍රී ලංකාව වෙනුවෙන් ටෙස්ට් වරම් දිනා ගත් තරගයේ දී පන්දු යවන්නෙකු ප්‍රදර්ශනය කළ හොදම පන්දු යැවීම ලෙසයි.

රමේෂ් මෙන්ඩිස් සහ සුරංග ලක්මාල් අතරේ කඩුලු 2 බැගින් ද බෙදී ගියා.

පිතිකරණයේ බංග්ලාදේශය වෙනුවෙන් ටමිම් ඉක්බාල් ලකුණු 92ක් සහ මොමිනුක් හක් ලකුණු 49ක් රැස් කළ අතර, මුෂ්ෆිකර් රහීම් ලකුණු 40ක් රැස් කළා.

තරගයේ පළමුවෙන් පන්දුවට පහරදුන් ශ්‍රී ලංකාව කඩුලු 7ක් දැවී ලකුණු 493ක් ලබා සිටියදී සිය පළමු ඉනිම අත්හිටුවීමටයි අද පෙරවරුවේ තීරණය කළේ.

ඒ අනුව ශ්‍රී ලංකාව මේ වන විට ඉදිරියෙන් පසුවන ලකුණු සංඛ්‍යාව 242ක්.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...