දිවා ආහාරය ආසන්නයේ දී ශ්‍රී ලංකාව යළි තරගයට අවතීර්ණ වෙයි – Lunch Report

Date:

ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය අතර මහනුවර පල්ලේකැලේ ක්‍රීඩාංගනයේ පැවැත්වෙන දෙවැනි ටෙස්ට් ක්‍රිකට් තරගයේ තෙවැනි දිනය අදයි(1).

දිවා ආහාරය සදහා තරගය නතර කරන විට සිය පළමු ඉනිම ක්‍රීඩා කරමින් සිටි බංග්ලාදේශය කඩුලු 2ක් දැවී ලකුණු 99ක් ලබා සිටියා.

ඉනිමට වේගවත් ආරම්භයක් ලබා දුන් ටමිම් ඉක්බාල් සිය 31 වැනි ටෙස්ට් අර්ධ ශතකය වාර්තා කරමින් පන්දු 96කින් නොදැවී ලබා සිටින ලකුණු සංඛ්‍යාව 76ක්. ( 4×11 )

ඔහුට අනගි සහායක් ලබා දුන් සයිෆ් හසාන් ලකුණු 25ක් ලබා සිටියදී දවා ගැනීමට ප්‍රවීන් ජයවික්‍රම සමත් වුණේ සිය මංගල ටෙස්ට් කඩුල්ල වශයෙන්.

ඔවුන් දෙදෙනා අතර පළමු කඩුල්ල වෙනුවෙන් ගොඩ නැගුණු සබදතාවය ලකුණු 98ක්.

දිවා ආහායට පෙර යවනු ලැබූ දෙවැනි අවසන් පන්දුවාරයේ දී එම කඩුල්ල දැවී ගිය අතර, දිවා ආහාරයට පෙර යවනු ලැබූ අවසන් පන්දුවේ දී රමේෂ් මෙන්ඩිස් විසින් නජ්මුල් හුසේන් ශන්ටෝ ලකුණු නොලබා සිටියදී දවා ගැනීමට සමත් වුණා.

ඒ අනුව බංග්ලාදේශ කණ්ඩායම මේ වන විට ශ්‍රී ලංකා පළමු ඉනිමට වඩා පිටුපසින් පසුවන ලකුණු සංඛ්‍යාව 394ක්.

දිනය ආරම්භ කරන විට තරගයේ පළමුවෙන් පන්දුවට පහර දෙමින් සිටි ශ්‍රී ලංකාව කඩුලු 7ක් දැවී ලකුණු 493ක් ලබා සිටියදී ඉනිම අත්හිටුවීමටයි තීරණය කළේ.

ඒ, දිනයේ පළමු කඩුල්ල ලෙස රමේෂ් මෙන්ඩිස් ලකුණු 33කට දැවී යාමත් සමගයි.

ටස්කින් අහ්මඩ් යොමු කළ පන්දුවක් හමුවේ මුෂ්ෆිකර් රහීම් අතට උඩ පන්දුවක් ලබා දීමෙනුයි ඔහු දැවී ගියේ.

නිරෝෂන් දික්වැල්ල නොදැවී ලකුණු 77ක් රැස් කළේ පන්දු 72කට මුහුණ දී හයේ පහරක් සහ හතරේ පහර 8ක් සමගින්.

ශ්‍රී ලංකාව වෙනුවෙන් ළහිරු තිරිමාන්න ලකුණු 140ක්, දිමුත් කරුණාරත්න ලකුණු 118ක් සහ ඕෂද ප්‍රනාන්දු ලකුණු 81ක් ලබා ගත්තා.

ඇන්ජෙලෝ මැතිව්ස් ලකුණු 5කටත්, ධනංජය ද සිල්වා ලකුණු 2කටත් දැවී ගිය අතර, පැතුම් නිස්සංක ලකුණු 30ක් රැස් කළා.

පන්දු යැවීමේ දී ටස්කින් අහ්මඩ් ලකුණු 127කට කඩුලු 4ක් දවා ගත් අතර, මෙහිදි හසාන් මිරාස්, ශොරිෆුල් ඉස්ලාම් සහ ටයිජුල් ඉස්ලාම් එක් කඩුල්ල බැගින් බිද හෙලුවා.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...