ෆවඩ්ගේ ශතකයත් සමග පාකිස්තානය ලකුණු 198ක් ඉදිරියෙන් – Day 2 Report

Date:

සංචාරක පාකිස්තාන කණ්ඩායම සහ සිම්බාබ්වේ කණ්ඩායම අතර පැවැත්වෙන පළමු ටෙස්ට් ක්‍රිකට් තරගයේ දෙවැනි දිනය අද(30) නිමා වුණේ ෆවඩ් අලාම්ගේ ශතකයත් සමගින් තරගයේ වැඩි ගෞරව පාකිස්තානයට හිමි කර දෙමින්.

හරාරේහි පැවැත්වෙන තරගය අද දිනයට නිමා වන විට සිය පළමු ඉනිම ක්‍රීඩා කරමින් සිටි පාකිස්තානය කඩුලු 6ක් දැවී ලකුණු 374ක් ලබා සිටියා.

අගනා ඉනිමක් ක්‍රීඩා කළ ෆවඩ් අලාම් නොදැවී ලකුණු 108ක් ලබා කඩුල්ලේ රැදී සිටින්නේ හතරේ පහර 16ක් සමගින්.

ඉම්රාන් බට් ලකුණු 91කට දැවී ගිය අතර, අබිඩ් අලී ලකුණු 60යි.

නායක බබාර් අසාම් ලකුණු නොලබා පළමු පන්දුවෙන්ම දැවී යාම විශේෂත්වයක්.

මොහොමඩ් රිස්වාන් රැස් කළ ලකුණු සංඛ්‍යාව 45ක්.

පන්දු යැවීමේ දී ඩොනල්ඩ් ටිරිපානෝ ලකුණු 89කට කඩුලු 3ක් දවා ගත්තා.

තරගයේ කාසියේ වාසිය දිනා පළමුවෙන් පන්දුවට පහරදුන් සිම්බාබ්වේ කණ්ඩායම සියලු දෙනා දැවී පළමු ඉනිමට රැස් කළේ ලකුණු 176ක් පමණයි.

ඒ අනුව පාකිස්තානය මේ වන විට පළමු ඉනිමේ දී ඉදිරියෙන් පසුවන ලකුණු සංඛ්‍යාව 198ක්.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...