හර්ප්‍රීට්ගේ සුපිරි තුන් ඉරියව් දක්ෂතා හමුවේ කෝලිගේ බැංගලෝරය පරදියි – Match Report

Date:

හර්ප්‍රීට් බ්‍රාර්ගේ සුපිරි තුන් ඉරියව් දක්ෂතා හමුවේ මෙවර ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ 26 වන තරගයෙන් රෝයල් චැලෙන්ජර්ස් බැංගලෝර් කණ්ඩායම පරදා ලකුණු 34ක ජයක් වාර්තා කිරීමට පංජාබ් කිංග්ස් කණ්ඩායම අද(30) සමත් වුණා.

අහ්මදාබාද්හි පැවැති තරගයේ කාසියේ වාසිය දිනූ බැංගලෝර් නායක විරාට් කෝලිගේ ආරාධනයෙන් පළමුව පන්දුවට පහරදුන් පංජාබ් කණ්ඩායම කඩුලු 5ක් දැවී ලකුණු 179ක් ලබා ගත්තා.

ඒ, නායක කේ.එල්. රාහුල් පන්දු 57කින් නොදැවී ලබා ගත් ලකුණු 91න් සවිමත් වෙමින්.

ඔහුගේ ඉනිම හයේ පහර 5කින් සහ හතරේ පහර 7කින් වර්ණවත් වුණා.

ක්‍රිස් ගේල් පන්දු 24කින් ලකුණු 46ක් රැස් කළ අතර, හර්ප්‍රීට් බ්‍රාර් ලකුණු 25යි.

පන්දු යැවීමේ දී ක්යිල් ජමිසන් ලකුණු 32කට කඩුලු 2ක් දවා ගත් අතර, ඩැනියල් සෑම්ස්, යුස්වේන්ද්‍ර චහෙල් සහ ශහ්බාස් අහ්මඩ් එක් කඩුල්ල බැගින් බිද හෙලුවා.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ බැංගලෝර් කණ්ඩායමට නියමිත පන්දුවාර 20 අවසන් කිරීමට සිදු වූයේ කඩුලු 8ක් දැවී ලකුණු 145ක් ලබා සිටියදීයි.

නායක විරාට් කෝලි ලකුණු 35ක් සහ රාජට් පටිදර් ලකුණු 31ක් රැස් කළා.

ඉනිමේ අවසන් පන්දුවාර කිහිපයේ දී වේගවත් ඉනිමක් ක්‍රීඩා කළ හර්ෂාල් පටෙල් පන්දු 13කින් ලකුණු 31ක් ලබා සිටියදී දැවී ගියේ රවී බිෂ්නෝයි රැකගත් සුපිරි උඩ පන්දුවක් හමුවේයි.

මෙවර තරග වාරයේ සිය පළමු තරගයට ක්‍රීඩා කළ හර්ප්‍රීට් බ්‍රාර් ලකුණු 19කට කඩුලු 3ක් දවා ගත් අතර, රවී බිෂ්නෝයි ලකුණු 17කට කඩුලු 2ක් දවා ගත්තා.

හර්ප්‍රීට් බිද හෙලූ කඩුලු අතරට කෝලිගේ කඩුල්ලට අමතරව ග්ලේන් මැක්ස්වෙල්(0) සහ ඒ.බී.ඩි විලියස්ගේ(3) කඩුලු ද ඇතුළත්.

නවතම ප්‍රසාද ලකුණු සටහන –

IPL T20

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...