ලකුණු 550ක් ප්‍රමාණවත් වේවි : ඕෂද ප්‍රනාන්දු

Date:

බංග්ලාදේශය සමග පැවැත්වෙන දෙවන හා අවසන් ටෙස්ට් ක්‍රිකට් තරගයේ පළමු ඉනිමේ දී 550ක පමණ ලකුණු ප්‍රමාණයක් ලබා ගැනීම සිය කණ්ඩායමට ප්‍රමාණවත් වනු ඇති බව ශ්‍රී ලංකා කණ්ඩායමේ මුල්පෙල පිතිකරු ඕෂද ප්‍රනාන්දු පවසනවා.

මහනුවර පල්ලේකැලේ ක්‍රීඩාංගනයේ පැවැත්වෙන තරගයේ දෙවැනි දිනය වූ අද(30) දිනය අවසානයේ පැවැති මාධ්‍ය හමුවේ දී ඔහු ඒ බව සදහන් කළා.

Match Report : ඕෂදගේ 81 සහ දික්වැල්ලගේ නොදැවුණු ඉනිම හමුවේ තරගයේ පාලනය තවදුරටත් ශ්‍රී ලංකාවට

අද දිනයේ දී පන්දුවාර කිහිපයක් පිතිකරණයේ නිරත වීම සදහා බංග්ලාදේශයට අවස්ථාව ලබා දීම ශ්‍රී ලංකා කණ්ඩායමේ සැලසුම වී තිබූ නමුත්, අයහපත් කාළගුණය හමුවේ එම සැලසුම අසාර්ථක වූ බව ඕෂද කියා සිටියා.

ඊයේ දිනයට සාපේක්ෂව අද දිනයේ දී තණතීරුව තරමක් මන්දගාමී ස්වභාවයක් ගත් බවයි ඔහු සදහන් කළේ.

ඉදිරි දින කිහිපයේ දී පන්දුව දග කැවෙනු ඇති බවට අපේක්ෂා කරන බව ද ඕෂද ප්‍රනාන්දු මෙම මාධ්‍ය හමුවේ පවසා සිටියා.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...