දිමුත්ගේ සහ තිරිමාන්නගේ ශතක හමුවේ පළමු දිනයේ පාලනය ශ්‍රී ලංකාව යටතට – Day 1 Report

Date:

දිමුත් කරුණාරත්න සහ ළහිරු තිරිමාන්න පළමු කඩුල්ල වෙනුවෙන් ගොඩ නැගූ ද්විත්ව ශතක සබදතාවය හේතුවෙන් බංග්ලාදේශය සමග පැවැත්වෙන දෙවන හා අවසන් ටෙස්ට් ක්‍රිකට් තරගයේ පළමු දිනය අද නිමා වන විට තරගයේ සම්පූර්ණ පාලනය තමන් වෙත හිමි කර ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් වුණා.

මහනුවර පල්ලේකැලේ ක්‍රීඩාංගනයේ පැවැත්වෙන තරගයේ පළමු දිනය නිමා වන විට තරගයේ කාසියේ වාසිය දිනා පළමුවෙන් පන්දුවට පහර දෙමින් සිටි ශ්‍රී ලංකාව එක් කඩුල්ලක් දැවී ලකුණු 291ක් ලබා සිටියා.

නායක දිමුත් කරුණාරත්න සිය 12 වන ටෙස්ට් ශතකය වාර්තා කරමින් ලකුණු 118කට දැවී ගිය අතර, පන්දු 190කින් වාර්තා වූ ඔහුගේ ඉනිමට හතරේ පහර 15ක් ඇතුළත්.

අද දිනයේ දී දිමුත් කරුණාරත්න සිය ටෙස්ට් ක්‍රිකට් දිවියේ 5000 ලකුණු සීමාව පසු කර යාම ද විශේෂත්වයක්.

එම කඩඉමට ළගා වූ 10 වැනි ශ්‍රී ලංකා පිතිකරුවා වන්නේ ඔහුයි.

සිය 3 වන ටෙස්ට් ශතකය වාර්තා කළ ළහිරු තිරිමාන්න නොදැවී ලකුණු 131යි.

ඔහුගේ ඉනිම හතරේ පහර 14කින් වර්ණවත් වුණා.

ඔවුන් දෙදෙනා අතර ප්‍රථම කඩුල්ලට ලකුණු 209 ක විශිෂ්ඨ ආරම්භක සබදතාවක් ගොඩනැගුණු අතර, ඒ අනුව දිමුත් සමගින් තිරිමාන්න වාර්තා පොත් අලුත් කරනු ලැබුවේ ශ්‍රී ලංකාව වෙනුවෙන් ටෙස්ට් ක්‍රිකට් පිටියේදී නොකඩවා ඉනිම් තුනකදී ශතකයට වැඩි ආරම්භක සබදතාවක් ගොඩනගන ලද ප්‍රථම පිතිකරණ යුගලය ලෙසයි.

ඕෂද ප්‍රනාන්දු නොදැවී ලකුණු 40(98)යි.

පන්දු යැවීමේ දී සිය මංගල ටෙස්ට් තරගයට ක්‍රීඩා කරන ශොරිෆුල් ඉස්ලාම් ලකුණු 52කට එක් කඩුල්ලක් දවා ගත්තා.

අද තරගයේ දී ශ්‍රී ලංකාව වෙනුවෙන් ප්‍රවීන් ජයවික්‍රම ටෙස්ට් වරම් දිනා ගැනීමට සමත්වූ අතර, ඔහු ශ්‍රී ලංකාව වෙනුවෙන් ටෙස්ට් වරම් දිනා ගත් 156 වන ක්‍රීඩකයායි.

එමෙන්ම ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් රමේෂ් මෙන්ඩිස් ද කැදවා තිබෙනවා.

ඔවුන් දෙදෙනා කණ්ඩායමට කැදවා ඇත්තේ ළහිරු කුමාර (ආබාධයක් නිසා) සහ වනිදු හසරංග වෙනුවටයි.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...