දිමුත් 12 වන ශතකය වාර්තා කරද්දී තේ පානය තෙක් තරගයේ පාලනය ශ්‍රී ලංකාවට – Tea Report

Date:

සිය 12 වන ටෙස්ට් ශතකය වාර්තා කිරීමට ශ්‍රී ලංකා නායක දිමුත් කරුණාරත්න අද(29) සමත් වුණා.

ඒ, සංචාරක බංග්ලාදේශ කණ්ඩායම සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර දෙවැනි හා අවසන් ටෙස්ට් ක්‍රිකට් තරගයේ පළමු දිනයේ දී යි.

මහනුවර පල්ලේකැලේ ක්‍රීඩාංගනයේ පැවැත්වෙන තරගයේ පළමු දිනයේ තේ පානය සදහා තරගය නතර කරන විට කාසියේ වාසිය දිනා පළමුවෙන් පන්දුවට පහර දෙමින් සිටි ශ්‍රී ලංකාව කිසිදු කඩුල්ලක් නොදැවී ලකුණු 188ක් ලබා සිටියා.

නායක දිමුත් කරුණාරත්න නොදැවී ලකුණු 106ක් ලබා සිටින්නේ හතරේ පහර 13ක් සමගින්.

ළහිරු තිරිමාන්න නොදැවී ලකුණු 80යි.

අද දිනයේ දී දිමුත් කරුණාරත්න සිය ටෙස්ට් ක්‍රිකට් දිවියේ 5000 ලකුණු සීමාව පසු කර යාම ද විශේෂත්වයක්.

එම කඩඉමට ළගා වූ 10 වැනි ශ්‍රී ලංකා පිතිකරුවා වන්නේ ඔහුයි.

අද තරගයේ දී ශ්‍රී ලංකාව වෙනුවෙන් ප්‍රවීන් ජයවික්‍රම ටෙස්ට් වරම් දිනා ගැනීමට සමත්වූ අතර, ඔහු ශ්‍රී ලංකාව වෙනුවෙන් ටෙස්ට් වරම් දිනා ගත් 156 වන ක්‍රීඩකයායි.

එමෙන්ම ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් රමේෂ් මෙන්ඩිස් ද කැදවා තිබෙනවා.

ඔවුන් දෙදෙනා කණ්ඩායමට කැදවා ඇත්තේ ළහිරු කුමාර (ආබාධයක් නිසා) සහ වනිදු හසරංග වෙනුවටයි.

මේ අතර, බංග්ලාදේශය වෙනුවෙන් ශොරිෆුල් ඉස්ලාම් ද මෙම තරගයේ දී ටෙස්ට් වරම් දිනා ගැනීම විශේෂත්වයක්.

සජීවී ලකුණු සටහන –

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...