වැටුප් කප්පාදුව නිසා ක්‍රිකට් ආයතනය සහ ක්‍රීඩකයින් අතර මත ගැටුමක්

Date:

ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩකයින්ගේ වැටුප් කප්පාදුවක් සිදු කිරීමට ගෙන ඇති තීරණය සම්බන්ධයෙන් මේ වන විට ගැටලු සහගත තත්ත්වයක් මතුව තිබෙන බව වාර්තා වනවා.

අයිලන්ඩ් පුවත්පත වාර්තා කර ඇති ආකාරයට පසුගිය කොන්ත්‍රාත් ගිවිසුම යටතේ ඉහළම කාණ්ඩයේ ක්‍රීඩකයෙකු අමෙරිකානු ඩොලර් 130,000 ක මුදලක් උපයා තිබෙනවා.

කෙසේ වෙතත්, නව කොන්ත්‍රාත් ගිවිසුම් යටතේ එම ක්‍රීඩකයින්ට හිමි වීමට නියමිතව ඇත්තේ ඩොලර් 45,000කට අඩු මුදලක් බව සදහන්.

ජ්‍යෙෂ්ඨත්වය මත අමතර ගෙවීම් කරනු ලබන ක්‍රමවේදය ද මේ වන විට අවලංගු කර ඇති බව සදහන්.

ඒ අනුව ශ්‍රී ලංකා ක්‍රීඩකයින් නව කොන්ත්‍රාත් ගිවිසුම් අත්සන් කිරීම ද මෙතෙක් සිදු කර නොමැති අතර, ශ්‍රී ලංකා කණ්ඩායමේ නායක දිමුත් කරුණාරත්න මාධ්‍ය වෙත සදහන් කළේ බංග්ලාදේශ තරගාවලියෙන් අනතුරුව ඒ පිළිබද ඉදිරි සාකච්ඡා ක්‍රිකට් බළධාරීන් සමග සිදු කරන බවයි.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...