අනතුරු ඇගවීමක් සමග ධනුෂ්කට එරෙහි තීන්දුව ප්‍රකාශයට පත් කෙරේ

Date:

ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායමේ ක්‍රීඩකයෙකු ගැටුමකට සම්බන්ධ වූ බවට පල වූ මාධ්‍ය වර්තා සම්බන්ධයෙන් සොයා බැලීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් පත් කළ විමර්ශන කමිටුව සිය අවසන් තීරණය ප්‍රකාශයට පත් කර තිබෙනවා.

දකුණු පළාතේ හෝටලයක පැවැති උත්සවයකදී මෙම ගැටුම සිදුව තිබූ බවටයි මාධ්‍ය වාර්තා පලව තිබුණේ.

ඒ අනුව ඒ සම්බන්ධයෙන් විමර්ශනය කළ ත්‍රිපුද්ගල විමර්ශන කමිටුවේ සොයා ගැනීම් සහ නිර්දේශ මත පදනම්ව ශ්‍රී ලංකා ක්‍රිකට් කළමණාකරණ කමිටුව අදාළ ක්‍රීඩකයාට අනතුරු ඇගවීමක් සිදු කළ බවයි ක්‍රිකට් ආයතනය නිකුත් කළ නිවේදනයක දැක් වුණේ.

ඒ, ශ්‍රී ලංකා ක්‍රිකට් අපකීර්තියට පත් වන ආකාරයේ අවංකභාවය, සදාචාරය, සාධාරණත්වය, ක්‍රීඩාශීලීත්වය උල්ලංඝනය වන කිසිදු හැසිරීමක නිරත නොවන ලෙසටයි.

එමෙන්ම වසරක කාලයක් සඳහා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් නම් කරන වෛද්‍යවරයකු විසින් මෙහෙයවන අනිවාර්ය උපදේශන සැසිවාරවලට සහභාගී වන ලෙසට ද අදාළ ක්‍රීඩකයාට කළමණාකරණ කමිටුව නියම කර තිබෙනවා.

මෙලෙස ගැටුමකට සම්බන්ධ වූ බවට චෝදනා එල්ල වී තිබුණේ ශ්‍රී ලංකා ආරම්භක පිතිකරු ධනුෂ්ක ගුණතිලකට වන නමුත්, ඔහු එම චෝදනා ප්‍රතික්ෂේප කර තිබුණා.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...