“ප්‍රවීන්ට හෙට හොද අවස්ථාවක් තියෙනවා” : දිමුත් දෙවැනි තරගය ගැන කතා කරයි

Date:

දග පන්දු යවන්නන් මත විශ්වාසය තබා බංග්ලාදේශය සමග හෙට(29) ආරම්භ වීමට නියමිත දෙවැනි හා අවසන් ටෙස්ට් ක්‍රිකට් තරගය ජය ගැනීමට අපේක්ෂා කරන බව ශ්‍රී ලංකා කණ්ඩායමේ නායක දිමුත් කරුණාරත්න පවසනවා.

මහනුවර පල්ලේකැලේ ක්‍රීඩාංගනයේ දී හෙට පෙරවරු 10ට ආරම්භ වීමට නියමිත දෙවැනි තරගය සම්බන්ධයෙන් දැනුවත් කිරීම සදහා අද(28) පැවැති මාධ්‍ය හමුවකදී ඔහු ඒ බව සදහන් කළා.

ඒ අනුව හෙට තරගයේ දී ශ්‍රී ලංකාව වෙනුවෙන් ධනංජය ද සිල්වා ඇතුළු දග පන්දු යවන්නන් තිදෙනෙකු ක්‍රීඩා කරන බවයි දිමුත් සදහන් කළේ.

නවක වමත් දග පන්දු යවන ක්‍රීඩක ප්‍රවීන් ජයවික්‍රමට මෙම තරගයේ දී ටෙස්ට් වරම් දිනා ගැනීමේ වැඩි අවස්ථාවක් පවතින බව ද ශ්‍රී ලංකා කණ්ඩායමේ නායකයා කියා සිටියා.

“මම හිතන්නේ ඔහුට ගොඩක් ලොකු අවස්ථාවක් තියෙනවා කණ්ඩායමේ ක්‍රීඩා කරන්න. අපි දග පන්දු යවන්නන්ගෙන් ක්‍රීඩා කරන්න බලාපොරොත්තු වෙන හින්දා ලොකු අවස්ථාවක් තියෙනවා ඔහුට ක්‍රීඩා කරන්න. තාමත් අපි සංචිතයෙන් ගහන 11 තෝරලා නැහැ. 13 දෙනාගේ සංචිතයේ ප්‍රවීන් ඉන්නවා.” යනුවෙන් දිමුත් කරුණාරත්න පවසා සිටියා.

“අපි මුළින් බලන්න ඕනෙ අපේ සංයුතිය හදන්නේ කොහොමද කියලා. දැන් අපිට පිට දග පන්දු යවන්නෙක් කොහොමත් ඉන්නවා කණ්ඩායමේ රමේෂ් මෙන්ඩිස්. මොකද අපි බලන්න ඕනෙ දග කැවෙන පැත්තත් මොන පැත්තටද කියලා. සදකැන් වමත් පන්දු යවන්නෙක් වුණාට ඔහු චයිනමන් කෙනෙක්. ඔහු දග කවන්නේ වමත් පිතිකරුවන්ගෙන් එළියට. ප්‍රවීන් දග කවන්නේ වෙනම පැත්තකට. ඒ පැත්තට දග කවන දෙන්නෙක් ඉන්න නිසා ගොඩක් වෙලාවට අවස්ථාවක් තියෙනවා ප්‍රවීන්ට තරගය ක්‍රීඩා කරන්න.”

මාධ්‍ය හමුවේ දර්ශන මෙතනින් නරඹන්න

22 හැවිරිදි ප්‍රවීන් ජයවික්‍රම පළමු පෙල තරග 10ක ඉනිම් 18 කදී බිද හෙලා ඇති කඩුලු සංඛ්‍යාව 40ක්.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...