දිමුත් සහ ධනංජය ශ්‍රේණිගත කිරීම්හි ස්ථාන රැසකින් ඉදිරියට

Date:

නවතම අයි.සී.සී ටෙස්ට් ක්‍රිකට් ශ්‍රේණිගත කිරීම් ජගත් ක්‍රිකට් කවුන්සලය මේ වන විට ප්‍රකාශයට පත් කර තිබෙනවා.

ඊට අනුව ප්‍රධාන වශයෙන් ශ්‍රී ලංකා නායක දිමුත් කරුණාරත්න සහ ධනංජය ද සිල්වා පිතිකරුවන් ශ්‍රේණිගත කිරීම්හි ස්ථාන කිහිපයකින්ම ඉදිරියට පැමිණීමට සමත්ව තිබීම විශේෂත්වයක්.

ඒ, බංග්ලාදේශයට එරෙහිව නිමා වූ පළමු ටෙස්ට් ක්‍රිකට් තරගයේ දී ඔවුන් දැක් වූ දක්ෂතා හේතුවෙන්.

එම තරගයේ දී ද්විත්ව ශතකයක් වාර්තා කරමින් ලකුණු 244ක් රැස් කළ දිමුත්, ශ්‍රේණිගත කිරීම්හි 15 වන ස්ථානය දක්වා ඉදිරියට පැමිණ ඇත්තේ සමස්ත ප්‍රසාද ලකුණු 676කට හිමිකම් කියමින්.

මීට පෙර ඔහු පිතිකරණ ශ්‍රේණිගත කිරීම්හි 22 වන ස්ථානයේ රැදී සිටියා.

අදාළ තරගයේ දී ලකුණු 166ක් රැස් කළ ධනංජය ද සිල්වා ප්‍රසාද ලකුණු 601ක් සමගින් 28 වන ස්ථානයේ මේ වන විට රැදී සිටිනවා.

මීට පෙර ඔහු රැදී සිටියේ 35 වන ස්ථානයේ යි.

පළමු ටෙස්ට් තරගයේ දී අර්ධ ශතකයක් වාර්තා කළ ළහිරු තිරිමාන්න ශ්‍රේණිගත කිරීම්හි 74 වන ස්ථානයේ සිට 73 වන ස්ථානය දක්වා එක් ස්ථානයකින් ඉදිරියට පැමිණ තිබෙනවා.

කෙසේ වෙතත්, ශ්‍රේණිගත කිරීම්හි මෙතෙක් 20 වන ස්ථානයේ රැදී සිටි ඇන්ජෙලෝ මැතිව්ස් 21 වන ස්ථානය දක්වා ද, මෙතෙක් 32 වන ස්ථානයේ සිටි නිරෝෂන් දික්වැල්ල 35 වන ස්ථානය දක්වා ද, මෙතෙක් 63 වන ස්ථානයේ සිටි ඕෂද ප්‍රනාන්දු 68 වන ස්ථානය දක්වා ද පසුබැස තිබෙනවා.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...