ශ්‍රී ලංකා ක්‍රීඩකයින් දෙදෙනෙකු පාකිස්තාන සුපර් ලීගයේ කණ්ඩායම් දෙකකට තෝරා ගැනේ

Date:

අතරමගදී කල් දැමුණු මෙවර පාකිස්තාන සුපර් ලීග්(PSL) ක්‍රිකට් තරගාවලියේ ඉතිරි තරග ආරම්භ කිරීමට පෙර ක්‍රීඩකයින් ආදේශ කිරීම වෙනුවෙන් වන ක්‍රීඩක කෙටුම්පත් කිරීමක් (replacement draft) අද සිදු කෙරුණා.

එහිදී ශ්‍රී ලංකා ක්‍රීඩකයින් දෙදෙනෙකු ද පාකිස්තාන සුපර් ලීග් තරගාවලිය වෙනුවෙන් තෝරා ගැනීම විශේෂත්වයක්.

ඒ අනුව සීක්කුගේ ප්‍රසන්න ලාහෝර් කලැන්ඩර්ස් කණ්ඩායම විසින් ද, තිසර පෙරේරා කරච්චි කිංග්ස් කණ්ඩායම විසින් ද තෝරා ගෙන තිබෙනවා.

ජෝ ඩෙන්ලි වෙනුවට සීක්කුගේ ප්‍රසන්න ලාහෝර් කණ්ඩායමට තෝරා ගෙන ඇති බව සදහන්.

කරච්චි කණ්ඩායම විසින් තිසර පෙරේරා තෝරා ගෙන ඇත්තේ මොහොමඩ් නබී වෙනුවටයි.

තෝරා ගැණුනු සෙසු ක්‍රීඩකයින් –

ඉස්ලාමාබාද් යුනයිටඩ් – ඇලෙක්ස් හේල්ස් වෙනුවට උස්මාන් කවාජා, ලුවිස් ග්‍රෙගරි වෙනුවට ජෙන්නෙමන් මලාන්

කරච්චි කිංග්ස් – කොලින් ඉන්ග්‍රැම් වෙනුවට මාර්ටින් ගප්ටිල්, ඩෑන් ක්‍රිස්ටීන් වෙනුවට නජීබුල්ලාහ් සඩ්රාන්, ජෝ ක්ලාක් වෙනුවට ලිටොන් දාස්

ලාහෝර් කලැන්ඩර්ස් – රෂිඩ් ඛාන් වෙනුවට ශකිබ් අල් හසාන්, ඩේවිඩ් වීසා වෙනුවට ජේම්ස් ෆෝල්ක්නර්, සමිත් පටෙල් වෙනුවට ජෝ බර්න්ස්, ටොම් ඇබෙල් වෙනුවට කැලම් ෆර්ගියුසන්

මුල්ටාන් සුල්ටාන් – ක්‍රිස් ලින් වෙනුවට මහ්මුදුල්ලාහ් රියාද්, ජේම්ස් වින්ස් වෙනුවට රහ්මනුල්ලාහ් ගුර්බාස්, ඇඩම් ලිත් වෙනුවට ජෝර්ඩ් ලින්ඩෙ, කාර්ලස් බ්‍රැත්වෙයිට් වෙනුවට ඔබෙඩ් මැකෝයි

පෙෂාවර් සල්මි – මුජීබ් රෙහ්මාන් වෙනුවට ෆේබියන් ඇලන්, ලියම් ලිවින්ග්ස්ටෝන් වෙනුවට රොව්මන් පවෙල්, සකිබ් මහ්මුද් වෙනුවට ෆිදෙල් එඩ්වර්ඩ්ස්

ක්වෙට්ටා ග්ලැඩියේටර්ස් – ටොම් බැන්ටන් වෙනුවට ඇන්ඩ්‍රි රසල්

මෙවර පාකිස්තාන සුපර් ලීග් ක්‍රිකට් තරගාවලියේ ඉතිරි තරග ලබන ජූනි දෙවැනිදා ආරම්භ කෙරෙන අතර, පැවැත්වීමට නියමිත ඉතිරි තරග 20 කරච්චි හී දී පැවැත්වීමට නියමිතයි.

අවසන් මහා තරගය ජූනි 20 වනදා පැවැත්වෙන බවයි එරට ක්‍රිකට් ආයතනය සදහන් කළේ.

පසුගිය මාර්තු 4 වනදා පාකිස්තාන සුපර් ලීග් තරගාවලිය අතරමගදී කල් දැමීමට කටයුතු කෙරුණේ තරගාවලියට සම්බන්ධ ක්‍රීඩකයින් සහ නිළධාරීන් පිරිසකට කොරෝනා වෛරසය ආසාදනය වීම හේතුවෙන්.

ඒ වන විට පවත්වා තිබුණේ තරග 14ක් පමණයි.

එම තරග සදහා ක්‍රීඩා කළ විදෙස් ක්‍රීඩකයින් විවිධ හේතූන් මත ඉදිරි තරග සදහා ක්‍රීඩා කරන්නේ නැහැ.

එංගලන්ත ක්‍රීඩකයින් දේශීය තරග සදහා සහභාගී වන බැවින් පාකිස්තාන සුපර් ලීග් තරගාවලියේ ඉදිරි තරග සදහා ක්‍රීඩා නොකරන අතර, ඇතැම් ක්‍රීඩකයින් ජාතික කණ්ඩායමට ක්‍රීඩා කිරීමට අවශ්‍ය බැවින් පී.එස්.එල් තරගාවලියට එක් නොවන බව සදහන්.

ඒ අනුව පුරප්පාඩු වූ ස්ථාන වෙනුවෙන් විදෙස් ක්‍රීඩකයින් තෝරා ගැනීම සදහා ක්‍රීඩක කෙටුම්පත් කිරීමක් (mini draft) සිදු කිරීමටයි තීරණය කෙරුණේ.

ඒ සදහා විදෙස් ක්‍රීඩකයින් 134 දෙනෙකු ඉදිරිපත්ව සිටියා.

ඊට ශ්‍රී ලංකාවෙන් ක්‍රීඩකයින් 24 දෙනෙකු, ඔස්ට්‍රේලියාවෙන් 10 දෙනෙකු, නවසීලන්තයෙන් 12 දෙනෙකු, දකුණු අප්‍රිකාවෙන් 18 දෙනෙකු, බංග්ලාදේශයෙන් 7 දෙනෙකු, බටහිර ඉන්දීය කොදෙව් දූපත්වලින් 25 දෙනෙකු, සිම්බාබ්වේ දේශයෙන් 6 දෙනෙකු, ඇෆ්ඝනිස්තානයෙන් 16 දෙනෙකු, අයර්ලන්තයෙන් 5 දෙනෙකු, එක්සත් අරාබි එමීර් රාජ්‍යයෙන් 5 දෙනෙකු, ස්කොට්ලන්තයෙන් 4 දෙනෙකු, නේපාලයෙන් සහ ඕමානයෙන් එක් ක්‍රීඩකයෙකු බැගින් ද ඉදිරිපත්ව සිටි බව සදහන්.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...