හයිදරාබාදය පරදා සුපිරි පන්දුවාරයේ දී දිල්ලියට ජය – Match Report

Date:

මෙවර ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ 20 වන තරගයෙන් සන්රයිසස් හයිදරාබාද් කණ්ඩායම පරදා සුපිරි පන්දුවාරයේ ජයක් වාර්තා කිරීමට දිල්ලි කැපිටල්ස් කණ්ඩායම සමත් වුණා.

චෙන්නායිහි පැවැති තරගයේ කාසියේ වාසිය දිනා පළමුවෙන් පන්දුවට පහරදුන් දිල්ලි කැපිටල්ස් කණ්ඩායම නියමිත පන්දුවාර 20 නිමා කළේ කඩුලු 4ක් දැවී ලකුණු 159ක් ලබා ගනිමින්.

ප්‍රිත්වි ෂෝ පන්දු 39කින් ලකුණු 53ක් රැස් කළ අතර, නායක රිෂාබ් පාන්ට් ලකුණු 37යි.

ස්ටීවන් ස්මිත් නොදැවී ලකුණු 34ක් ලබා ගත් අතර, ශිකර් දවාන් ලකුණු 28ක් ලබා ගත්තා.

පන්දු යැවීමේ දී සිද්ධාර්ත් කෝවුල් කඩුලු 2ක් සහ රෂීඩ් ඛාන් එක් කඩුල්ලක් බිද හෙලීමට සමත් වුණා.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ සන්රයිසස් හයිදරාබාද් කණ්ඩායමට ද නියමිත පන්දුවාර 20 නිමා කිරීමට සිදු වූයේ කඩුලු 7ක් දැවී ලකුණු 159ක් ලබා ගනිමින්.

ජොනී බෙයාර්ස්ටව් පන්දු 18කින් වේගවත් ලකුණු 38ක් ලබා ගනිමින් (4×3, 6×4) සන්රයිසස් කණ්ඩායමට මනා ආරම්භයක් ලබා දුන්නා.

කෙසේ වෙතත්, කේන් විලියම්සන් හැර වෙනත් කිසිදු මැද පෙල පිතිකරුවෙකුගෙන් ඉනිමට සැලකිය යුතු දායකත්වයක් ලැබුණේ නැහැ.

හුදෙකලා සටනක නිරත වූ විලියම්සන් පන්දු 51කින් නොදැවී ලකුණු 66ක් රැස් කළේ හතරේ පහර 8ක් සමගින්.

ජගදීෂා සුචිත් පන්දු 6කින් නොදැවී ලකුණු 15ක් ලබා ගනිමින් තරගය ලකුණු සම තත්ත්වයට රැගෙන ඒමට දායකත්වය ලබා දුන්නා.

පන්දු යැවීමේ දී අවේෂ් ඛාන් ලකුණු 34කට කඩුලු 3ක් දවා ගත් අතර, අක්සාර් පටෙල් ලකුණු 26කට කඩුලු 2ක් බිද හෙලුවා.

අනතුරුව ලබා දුන් සුපිරි පන්දුවාරයේ පළමුවෙන් පන්දුවට පහරදුන් සන්රයිසස් කණ්ඩායම කිසිදු කඩුල්ලක් නොදැවී ලකුණු 7ක් රැස් කළා.

අවසන් පන්දුවට ඔවුන් ලකුණු 2ක් කරා දිව ගිය ද, එම අවස්ථාවේ දී ඩේවිඩ් වෝනර් නියමිත පරිදි සීමා ඉර සළකුණු නොකිරීම හේතුවෙන් සන්රයිසස් කණ්ඩායමෙන් ලකුණක් කපා හැරීමටයි විනිසුරුවන් කටයුතු කළේ.

ඒ අනුව ලකුණු 8ක ජයග්‍රාහී ඉලක්කයක් හඹා ගිය දිල්ලි කණ්ඩායම කිසිදු කඩුල්ලක් නොදැවී අවසන් පන්දුවේ දී තරගයේ ජය තහවුරු කර ගත්තා.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...