ශ්‍රී ලංකා ටෙස්ට් සංචිතයේ වෙනසක්

Date:

බංග්ලාදේශයට එරෙහි ශ්‍රී ලංකා ටෙස්ට් සංචිතය සදහා ලක්ෂාන් සදකැන් සහ චාමික කරුණාරත්න කැදවා තිබෙනවා.

බංග්ලාදේශය සමග පැවැති පළමු ටෙස්ට් තරගයෙන් අනතුරුව පැවැති මාධ්‍ය හමුවේ දී කණ්ඩායමේ නායක දිමුත් කරුණාරත්න මේ බව සදහන් කළා.

පළමු ටෙස්ට් තරගයේ දී ළහිරු කුමාර ආබාධයකට ලක්වීම හේතුවෙන් දෙවැනි තරගයට ද ඔහුට ක්‍රීඩා කිරීමේ අවස්ථාව අහිමි වී තිබෙනවා.

ඒ අනුව ඔහු වෙනුවටයි චාමික කරුණාරත්න සංචිතයට කැදවා ඇත්තේ.

“කණ්ඩායමට ලක්ෂාන් සඳකැනුයි චාමික කරුණාරත්නයි අලුතින් එකතු වෙනවා. ගොඩක් වෙලාවට ළහිරු වෙනුවට තමයි චාමිකව කැඳෙව්වේ.” යනුවෙන් දිමුත් සදහන් කළා.

“අපිට තව දඟ පන්දු යවන්නෙක් ඕන වෙයි කියලා අපි හිතුවා. මේ තණතීරුවල අපි හිතන තරම් ලොකු සහායක් දෙන්නේ නෑ වේග පන්දු යවන්න්න්ට. මොකද මේ රස්නෙත් එක්ක විකට් ඉක්මනට වේලිලා පිතිකරුවන්ට දායකත්වයක් ලැබෙන හින්දා. ඒ නිසා අපි හිතුවා දඟ පන්දු යවන්නන් සංචිතයේ ඉන්න එක හොඳයි එතකොට අපිට ඔප්ෂන් තියෙනවා ඕනෑ වෙලාවකට සෙල්ලම් කරන්න.”

මීට පෙර ශ්‍රී ලංකා ටෙස්ට් සංචිතය සදහා ක්‍රීඩකයින් 18 දෙනෙකු නම් කර තිබුණා.

එම සංචිතය පහතින් –

දිමුත් කරුණාරත්න, ළහිරු තිරිමාන්න, ඕෂද ප්‍රනාන්දු, ඇන්ජෙලෝ මැතිව්ස්, දිනේෂ් චන්දිමාල්, ධනංජය ද සිල්වා, පැතුම් නිස්සංක, රොෂේන් සිල්වා, දසුන් ශානක, නිරෝෂන් දික්වැල්ල, සුරංග ලක්මාල්, ළහිරු කුමාර, අසිත ප්‍රනාන්දු, විශ්ව ප්‍රනාන්දු, ඩිල්ෂාන් මදුෂංක, වනිදු හසරංග, රමේෂ් මෙන්ඩිස්, ප්‍රවීන් ජයවික්‍රම

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...