අහසේ ඉදං රිෂාබ්ට ආපු IPL ඉතිහාසයේ අසාමාන්‍යම පන්දුව

Date:

ක්‍රිකට් පිටියේ කලාතුරකින් දකින්න ලැබෙන අමුතු පන්දුවක් මෙවර ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය යටතේ ඊයේ(25) පැවැති මෙවර තරගාවලියේ 20 වන තරගයේ දී දැක ගත හැකි වුණා.

දිල්ලි කැපිටල්ස් සහ සන්රයිසස් හයිදරාබාද් කණ්ඩායම් අතරයි මෙම තරගය පැවැත්වුණේ.

තරගයේ පළමුවෙන් පන්දුවට පහරදුන් දිල්ලි කණ්ඩායම නියමිත පන්දුවාර 20 අවසානයේ දී කඩුලු 4ක් දැවී ලකුණු 159ක් ලබා ගත්තා.

එහිදී රිෂාබ් පාන්ට් පන්දුවට පහර දෙමින් සිටියදීයි කලාතුරකින් දකින්න ලැබෙන මෙම අසාමාන්‍ය පන්දුව සන්රයිසස් කණ්ඩායමේ විජයි ශන්කර් විසින් යොමු කළේ.

ඒ, දිල්ලි ඉනිමේ 13 වන පන්දුවාරයේ දී යි.

කෙසේ වෙතත්, අදාළ පන්දුව නිපන්දුවක් ලෙස සටහන් කිරීමට විනිසුරුවන් කටයුතු කළා.

ශන්කර් යවනු ලැබූ අදාළ පන්දුව තණතීරුවේ පතිත නොවී කෙළින්ම පිතිකරුවාගේ පිත්ත වෙත පැමිණීයේ මීටර් ගණනාවක් ඉහළ අහසේ පන්දුව පියාසර කිරීමෙන් අනතුරුවයි.

බොහෝ දෙනෙකුට සිනහවක් ගෙන ආ මෙම සිදුවීම මේ වන විට ලොව පුරා ක්‍රිකට් ප්‍රේක්ෂකයින්ගේ දැඩි අවධානයට ලක් වූ සිදුවීමක් බවට ද පත්ව තිබෙනු දක්නට ලැබෙනවා.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...