මොරිස් සහ සංජු රාජස්ථානයේ දෙවැනි ජය තහවුරු කරයි – Match Report

Date:

ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ 18 වන තරගයෙන් කොල්කටා නයිට් රයිඩර්ස් කණ්ඩායම කඩුලු 6කින් පරාජයට පත් කරමින් මෙවර තරග වාරයේ සිය දෙවැනි ජය වාර්තා කිරීමට රාජස්ථාන් රෝයල්ස් කණ්ඩායම අද(24) සමත් වුණා.

මුම්බායිහි වැන්කඩේ ක්‍රීඩාංගනයේ පැවැති තරගයේ කාසියේ වාසිය දිනූ රාජස්ථාන් කණ්ඩායමේ ආරාධනයෙන් පළමුව පන්දුවට පහරදුන් කොල්කටා කණ්ඩායමට නියමිත පන්දුවාර 20 නිමා කිරීමට සිදු වූයේ කඩුලු 9ක් දැවී ලකුණු 133ක් ලබා ගනිමින්.

රාහුල් ත්‍රිපාති ලකුණු 36ක්, දිනේෂ් කාර්තික් ලකුණු 25ක් සහ නිටිෂ් රානා ලකුණු 22ක් රැස් කළා.

රාජස්ථාන් කණ්ඩායම වෙනුවෙන් සුපිරි පන්දු යැවීමක නිරත වූ ක්‍රිස් මොරිස් සිය පන්දුවාර 4 තුළ ලකුණු 23කට කඩුලු 4ක් දවා ගැනීමට සමත් වුණා.

ඔහු විසින් නිලකුණු පන්දු 18ක් යොමු කිරීමද කැපී පෙණුනා.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ රාජස්ථාන් කණ්ඩායම ඉනිම නිමා වීමට පන්දු 7ක් ඉතිරිව තිබියදී කඩුලු 4ක් දැවී ජයග්‍රාහී ඉලක්කය පසු කළා.

ජොස් බට්ලර් සහ රාහුල් තෙවාටියා ලකුණු 5 බැගින් ලබා සිටියදී දැවී ගිය අතර, යශස්වි ජයිස්වාල් හා ශිවම් ඩුබේ ලකුණු 22 බැගින් රැස් කළා.

නායක සංජු සැම්සන් නොදැවී ලකුණු 42ක් සහ ඩේවිඩ් මිලර් නොදැවී ලකුණු 24ක් ලබා ගනිමින් රාජස්ථාන් රෝයල්ස් කණ්ඩායමට ජය තහවුරු කර දුන්නා.

පන්දු යැවීමේ දී වරුන් චක්‍රවර්තී කඩුලු 2ක් බිද හෙලූ අතර, ශිවම් මාවි සහ ප්‍රසිද් ක්‍රිෂ්නා අතරේ එක් කඩුල්ල බැගින් බෙදී ගියා.

අයි.පී.එල් ප්‍රසාද ලකුණු සටහනේ මෙතෙක් අවසන් ස්ථානයේ රැදී සිටි රාජස්ථාන් කණ්ඩායම මෙම ජයග්‍රහනයත් සමග 6 වන ස්ථානය දක්වා ඉදිරියට පැමිණීමට සමත් වූ අතර, කොල්කටා කණ්ඩායම අවසන් ස්ථානය දක්වා එක් ස්ථානයකින් පසු බැස තිබෙනවා.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...