පාකිස්තානය 99ට දවා ගනිමින් සිම්බාබ්වේ කණ්ඩායමට පෙරළිකාර ජයක් – Match Report

Date:

පාකිස්තානය සමග පැවැත්වෙන තරග 3කින් යුත් පන්දුවාර 20යි 20 ක්‍රිකට් තරගාවලියේ දෙවැනි තරගයෙන් ලකුණු 19ක පෙරළිකාර ජයක් වාර්තා කරමින් තරග 1-1ක් ලෙස තරගාවලිය සම තත්ත්වය ගෙන ඒමට සිම්බාබ්වේ කණ්ඩායම අද(23) සමත් වුණා.

හරාරේහි පැවැති තරගයේ කාසියේ වාසිය දිනූ පාකිස්තානයේ ආරාධනයෙන් පළමුවෙන් පන්දුවට පහරදුන් සිම්බාබ්වේ කණ්ඩායම කඩුලු 9ක් දැවී රැස් කළේ ලකුණු 118ක් පමණයි.

Tinashe Kamunhukamwe ලකුණු 34ක් සහ Regis Chakabva ලකුණු 18ක් ලබා ගත්තා.

පන්දු යැවීමේ දී මොහොමඩ් හස්නයින් සහ Danish Aziz කඩුලු 2 බැගින් බිද හෙලුවා.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ පාකිස්තානයට පන්දුවාර 19.5ක් අවසානයේ සියලු දෙනා දැවී ලබා ගත හැකි වූයේ ලකුණු 99ක් පමණයි.

නායක බබාර් අසාම් ලකුණු 41ක්, Danish Aziz ලකුණු 22ක් සහ මොහොමඩ් රිස්වාන් ලකුණු 13ක් රැස් කළා.

පාකිස්තාන ඉනිමේ අවසන් කඩුලු 7 ලකුණු 21ක් තුළ බිද වැටීම විශේෂත්වයක්.

පන්දු යැවීමේ දී Luke Jongwe ලකුණු 18කට කඩුලු 4ක් දවා ගත් අතර, තරගයේ වීරයා ලෙස ද ඔහු සම්මානයෙන් පිදුම් ලැබුවා.

මෙය සිම්බාබ්වේ කණ්ඩායම විසින් පන්දුවාර 20යි 20 තරගයකදී පාකිස්තානය පරාජයට පත් කළ පළමු අවස්ථාවයි.

මීට පෙර දෙරට අතර පැවැති 20යි 20 තරග 15ම ජය ගෙන තිබුණේ පාකිස්තාන කණ්ඩායමයි.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...