පඩික්කල්ගෙන් ශතකයක් – කෝලිගේ බැංගලෝරය සුපිරි හඹා යාමක

Date:

දෙව්දත් පඩික්කල් වාර්තා කළ සිය මංගල අයි.පී.එල් ශතකයෙන් සහ විරාට් කෝලිගේ සුපිරි ඉනිමෙන් සවිමත් වෙමින් මෙවර ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලිය යටතේ තමන් සහභාගී වූ සිව්වැනි තරගය ද ජයග්‍රහනය කිරීමට රෝයල් චැලෙන්ජර්ස් බැංගලෝර් (RCB) කණ්ඩායම අද(22) සමත් වුණා.

මුම්බායිහි වැන්කඩේ ක්‍රීඩාංගනයේ දී රාජස්ථාන් රෝයල්ස් කණ්ඩායමට එරෙහිව පැවැති මෙම තරගය ජය ගැනීම සදහා බැංගලෝර් කණ්ඩායමට හිමි වූ ඉලක්කය ලකුණු 178ක්.

එය ඔවුන් පන්දුවාර 16.3ක් තුළ කිසිදු කඩුල්ලක් නොදැවී පසු කර යාම විශේෂත්වයක්.

මෙවර තරග වාරයේ දෙවැනි ශතකය දෙව්දත් පඩික්කල්ගේ පිත්තෙන් මෙම තරගයේ දී වාර්තා වූ අතර, ඔහු පන්දු 52ක් පමණක් වැය කර නොදැවී රැස් කළ ලකුණු සංඛ්‍යාව 101ක්.

ඊට හයේ පහර 6ක් සහ හතරේ පහර 11ක් ඇතුළත්.

පන්දු 47කින් නොදැවී ලකුණු 72ක් ලබා ගත් නායක විරාට් කෝලිගේ ඉනිම හයේ පහර 3කින් සහ හතරේ පහර 6කින් වර්ණවත් වුණා.

තරගයේ පළමුවෙන් පන්දුවට පහරදුන් රාජස්ථාන් කණ්ඩායම කඩුලු 9ක් දැවී ලකුණු 177ක් රැස් කළේ ශිවම් ඩුබේ ලබා ගත් ලකුණු 46(32)න් සහ රාහුල් තෙවාටියා ලබා ගත් ලකුණු 40(23)න් ශක්තිමත් වෙමින්.

රියාන් පරාග් ලකුණු 25ක් සහ සංජු සැම්සන් ලකුණු 21ක් ලබා ගත් අතර, ජොස් බට්ලර් ලකුණු 8කටත්, ඩේවිඩ් මිලර් ලකුණු නොලබා සිටියදීත් දැවී ගියා.

පන්දු යැවීමේ දී මොහොමඩ් සිරාජ් සහ හර්ෂාල් පටෙල් කඩුලු 3 බැගින් බිද හෙලුවා.

ඒ අනුව RCB කණ්ඩායම මේ වන විට මෙවර තරග වාරයේ දී ක්‍රීඩා කළ තරග 4ම ජය ගනිමින් ප්‍රසාද ලකුණු සටහනේ පෙරමුණ හිමි කර ගෙන සිටිනවා.

රාජස්ථාන් රෝයල්ස් කණ්ඩායම මෙවර තරගාවලිය යටතේ තමන් ක්‍රීඩා කළ තරග 4න් තරග 3ක් පරාජයට පත්ව ඇති අතර, ඔවුන්ට ප්‍රසාද ලකුණු සටහනේ හිමිව ඇත්තේ 8 වන ස්ථානයයි.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...