සංගාගේ රාජස්ථානයට තවත් ගැටලුවක්

Date:

රාජස්ථාන් රෝයල්ස් කණ්ඩායමේ එංගලන්ත ක්‍රීඩක ලියම් ලිවින්ග්ස්ටෝන් මෙවර අයි.පී.එල් තරගාවලියෙන් ඉවත් වී යළි සියරට බාලා පිටව ගොස් තිබෙනවා.

ජෛව ආරක්ෂිත බුබුලක රැදී සිටීමේ දුෂ්කරතාවයන් පදනම් කර ගනිමින් ඔහු එලෙස එංගලන්තය බලා පිටත්ව ගිය බවයි රාජස්ථාන් කණ්ඩායම නිවේදනය කළේ.

“අපි තේරුම් ගන්නවා සහ ගරු කරනවා ඔහුගේ තීරණයට. ඒ වගේම අපිට හැකි ඕනෑම ආකාරයකින් ඔහුට අඛණ්ඩව සහාය දක්වනවා.” යනුවෙන් කුමාර් සංගක්කාර මහතා ක්‍රිකට් අධ්‍යක්ෂවරයා ලෙස කටයුතු කරන රාජස්ථාන් රෝයල්ස් කණ්ඩායම සදහන් කළා.

ලියම් ලිවින්ග්ස්ටෝන්ගේ පිටව යාමත් සමග රාජස්ථාන් කණ්ඩායම තවත් ගැටලුකාරී තත්ත්වයකට ඇද වැටී ඇත්තේ මේ වන විටත් ඔවුන්ගේ ප්‍රධානතම ක්‍රීඩකයින් දෙදෙනෙකු වන බෙන් ස්ටොක්ස් සහ ජොෆ්ර ආචර් නොමැතිව ඔවුන් තරග වදින බැවින්.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...