පළමු ටෙස්ට් තරගයට බංග්ලාදේශ සංචිතය නම් කෙරේ – ශොරිෆුල්ටත් කැදවීමක්

Date:

ශ්‍රී ලංකාව සමග හෙට(21) ආරම්භ වීමට නියමිත තරග දෙකකින් යුත් ටෙස්ට් ක්‍රිකට් තරගාවලියේ පළමු තරගය සදහා වන බංග්ලාදේශ සංචිතය අද(20) ප්‍රකාශයට පත් කෙරුණා.

මොමිනුල් හක්ගේ නායකත්වයෙන් යුත් සංචිතයට ක්‍රීඩකයින් 15 දෙනෙකු ඇතුළත්.

ඊට වමත් වේග පන්දු යවන ක්‍රීඩක ශොරිෆුල් ඉස්ලාම් ද නම් කර තිබෙනවා.

ශ්‍රී ලංකාවට එරෙහි ටෙස්ට් තරගාවලිය සදහා ක්‍රීඩකයින් 21 දෙනෙකුගෙන් යුත් මූලික සංචිතයක් මීට පෙර නම් කෙරුණා.

එම සංචිතයෙන් ක්‍රීඩකයින් 15 දෙනෙකු හෙට ආරම්භ වන පළමු තරගය සදහා මෙලෙස නම් කර ඇති අතර, පළමු තරගයට නම් නොකළ සෙසු ක්‍රීඩකයින් 6 දෙනා තවදුරටත් මෙරට රැදී සිටිනු ඇති.

මේ අතර, පළමු තරගයේ දී බංග්ලාදේශ කණ්ඩායමට වේග පන්දු යවන්නන්ගේ දක්ෂතා ඉතා තීරණාත්මක වනු ඇති බවයි බංග්ලදේශ කණ්ඩායමේ නායක මොමිනුල් හක් සදහන් කර සිටියේ.

ඒ අනුව පළමු තරගය සදහා බංග්ලාදේශ කණ්ඩායම වේග පන්දු යවන්නන් තිදෙනෙකු සමග ක්‍රීඩා කිරීමට වැඩි ඉඩක් පවතිනවා.

බංග්ලාදේශ කණ්ඩායම අද දිනයේ දී පල්ලේකැලේ ක්‍රීඩාංගනයේ දී පුහුණුවීම්වල ද නිරත වූ අතර, ඔවුන් පසුගිය 12 වනදා මෙරටට පැමිණීමෙන් පසුව පල්ලේකැලේ ක්‍රීඩාංගනයේ දී පුහුණුවීම් සිදු කළ පළමු දිනය ද අදයි.

BANGLADESH SQUAD FOR FIRST TEST :

Mominul Haque (Captain), Liton Kumar Das, Md Mithun, Mushfiqur Rahim, Tamim Iqbal Khan, Shadman Islam, Abu Jayed Chowdhury Rahi, Taijul Islam, Najmul Hossain Shanto, Mehidy Hassan Miraz, Taskin Ahmed, Ebadot Hossain Chowdhury, Mohammed Saif Hassan, Yasir Ali Chowdhury, Shoriful Islam.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...