මුම්බායි හමුවේ අඛණ්ඩ තරග 5ක පරාජයෙන් පසු දිල්ලියට කඩුලු 6ක ජයක්

Date:

ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ 13 වන තරගයෙන් මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම පරදා කඩුලු 6ක ජයක් වාර්තා කිරීමට දිල්ලි කැපිටල්ස් කණ්ඩායම අද(20) සමත් වුණා.

චෙන්නායිහි පැවැති තරගයේ කාසියේ වාසිය දිනා පළමුව පන්දුවට පහරදුන් මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම කඩුලු 9ක් දැවී ලබා ගත් ලකුණු සංඛ්‍යාව 137ක්.

නායක රෝහිට් ෂර්මා ලකුණු 44ක්, ඉෂාන් කිෂන් ලකුණු 26ක් සහ සූර්යකුමාර් යාදෙව් ලකුණු 24ක් රැස් කළා.

කෙසේ වෙතත්, ක්වෙන්ටන් ඩී කොක් ලකුණු 2කටත්, හර්ඩික් පාන්ඩ්යා ලකුණු නොලබා සිටියදීත්, කෘනල් පාන්ඩ්යා එක් ලකුණකටත්, කිරන් පොලාඩ් ලකුණු 2කටත් දැවී යාම හේතුවෙන් මුම්බායි කණ්ඩායමට ඉහළ ලකුණු සංඛ්‍යාවක් ලබා ගැනීමේ අවස්ථාව අහිමි වුණා.

ජයාත් යාදෙව් ලකුණු 23යි.

පන්දු යැවීමේ දී අමිත් මිශ්‍රා ලකුණු 24කට කඩුලු 4ක් බිද හෙලමින් මුම්බායි ඉනිමට දැඩි තර්ජනයක් එල්ල කළා.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ දිල්ලි කැපිටල්ස් කණ්ඩායම පන්දුවාර 19.1ක් අවසානයේ කඩුලු 4ක් දැවී ජයග්‍රාහී ඉලක්කය පසු කළා.

ශිකර් දවාන් ලකුණු 45ක් ලබා ගත් අතර, ස්ටීවන් ස්මිත් ලකුණු 33යි.

ලලිත් යාදෙව් නොදැවී ලකුණු 22ක් සහ ශිම්රන් හෙට්මයර් නොදැවී ලකුණු 14ක් ලබා ගනිමින් දිල්ලි කැපිටල්ස් කණ්ඩායමට ජය තහවුරු කර දුන්නා.

මුම්බායි කණ්ඩායම හමුවේ අඛණ්ඩව තරග 5ක් පරාජයට පත්වීමෙන් අනතුරුව දිල්ලි කණ්ඩායම අද මෙම ජයග්‍රහනය වාර්තා කිරීම විශේෂත්වයක්.

එමෙන්ම චෙන්නායි ක්‍රීඩාංගනයේ දී දිල්ලි කණ්ඩායම තරගයක් ජය ගත්තේ 2010 වසරෙන් පසුව වීම ද කැපී පෙනනවා.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...