වේග පන්දු යවන්නන් මත විශ්වාසය තබා ශ්‍රී ලංකාව තරග බිමට : දිමුත්

Date:

බංග්ලාදේශය සමග හෙට(21) ආරම්භ වන ටෙස්ට් ක්‍රිකට් තරගාවලියේ දී වේග පන්දු යවන්නන්ට උචිත තණතීරුවක් ලැබෙනු ඇති බව ශ්‍රී ලංකා කණ්ඩායමේ නායක දිමුත් කරුණාරත්න පවසනවා.

තරගාවලිය සම්බන්ධයෙන් දැනුවත් කිරීම සදහා අද පස්වරුවේ පැවැති මාධ්‍ය හමුවකදී ඔහු කියා සිටියේ වේග පන්දු යැවීමේ අංශය සම්බන්ධයෙන් වැඩි විශ්වාසයක් තබා මෙම තරගාවලියට සිය කණ්ඩායම එක් වන බවයි.

ඒ අනුව හෙට තරගයේ දී වේග පන්දු යවන්නන් තිදෙනෙකු බොහෝ විට ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් ක්‍රීඩා කිරීමට ඉඩ තිබෙනවා.

බංග්ලාදේශය සතුව දක්ෂ දග පන්දු යවන්නන් සිටීම සහ ඔවුන්ගේ පිතිකරුවන් වේග පන්දු යවන්නන් හමුවේ යම් දුර්වලතාවයක් දැක්වීම හේතුවෙන් මෙලෙස මෙම තරගාවලිය සදහා වේග පන්දු යවන්නන්ට උචිත තණතීරුවක් සකස් කර ඇති බවයි නායක දිමුත් කරුණාරත්න කියා සිටියේ.

පල්ලේකැලේ ක්‍රීඩාංගනයේ දී ශ්‍රී ලංකාව එතරම් සාර්ථකත්වයක් පෙන්වා නැතත්, පැරණි වාර්තා පිළිබද වැඩි අවධානයක් යොමු නොකරන බව ශ්‍රී ලංකා කණ්ඩායමේ නායකයා සදහන් කළා.

“අපි ඇත්තටම පරණ ප්‍රතිපල ගැන හිතන්නේ නැහැ. ගාල්ලෙත් අපිට හොද වාර්තාවක් තිබුණා. නමුත් අපි අන්තිම තරගාවලිය එංගලන්තයට පරාජය වුණා. ඉතිං මම හිතන්නේ නැහැ පරණ වාර්තා අනුව තරග තීරණය වෙනවා කියලා. සෙල්ලම් කරන විදිහ අනුව තමයි ගොඩක් වෙලාවට ජය පැරදුම තිරණය වෙන්නේ.” යනුවෙන් දිමුත් පවසා සිටියා.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...