පරාජයෙන් පසු සංගා රාජස්ථාන් ක්‍රීඩකයින්ගේ හිත හදපු වීඩියෝව මෙන්න

Date:

මෙවර ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා කිසිදු ශ්‍රී ලංකා ක්‍රීඩකයෙකු එක් නොවන බව ඔබ අප කවුරුත් දන්නා කරුණක්.

කෙසේ වෙතත්, ශ්‍රී ලංකාවේ නියෝජනයන් මෙවර ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලියේ දී ද අපට දැක ගත හැකියි.

ශ්‍රී ලංකා හිටපු ක්‍රිකට් ක්‍රීඩකයින් තිදෙනෙකුම මෙවර තරගාවලියේ දී කණ්ඩායම් තුනක උසස් තනතුරු දරනු ලබන අතර, ඒ අතරින් බොහෝ ශ්‍රී ලංකා ප්‍රේක්ෂකයින්ගේ වැඩි අවධානයක් කුමාර් සංගක්කාර වෙත ද යොමුව තිබෙනවා.

ඒ, ඔහු පළමු වරට රාජස්ථාන් රෝයල්ස් කණ්ඩායමේ ක්‍රිකට් අධ්‍යක්ෂවරයා ලෙස කටයුතු කරන බැවින්.

මෙවර තරගාවලියේ දී ඔවුන් මෙතෙක් ක්‍රීඩා කළ තරග 3න් එක් තරගයක් පමණක් ජය ගෙන ඇති අතර, ප්‍රසාද ලකුණු සටහනේ 6 වැනි ස්ථානයේ රාජස්ථාන් කණ්ඩායම පසුවනවා.

ඊයේ(19) චෙන්නායි සුපර් කිංග්ස් කණ්ඩායමට එරෙහිව පැවැති තරගයෙන් ද රාජස්ථාන් කණ්ඩායමට ලකුණු 45ක පරාජයක් හිමි වුණා.

එම පරාජයෙන් අනතුරුව ක්‍රිකට් අධ්‍යක්ෂ කුමාර් සංගක්කාර ක්‍රීඩකයින් අමතා ඔවුන්ගේ මනස ශක්තිමත් කිරීමට ලබා දුන් උපදෙස් ඇතුළත් වීඩියෝවක් රාජස්ථාන් කණ්ඩායම විසින් සිය සමාජජාලා මාධ්‍ය ගිණුම් වෙත යොමු කර තිබෙනවා.

එහිදී සංගක්කාර පෙන්වා දුන්නේ ක්‍රීඩාවේ සෑම අවස්ථාවකදීම විනෝදනයෙන් කටයුතු කිරීම ඉතා වැදගත් බවයි.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...