“තොප්පි දාගන්න කලින් මම ඔයාගෙන් අහන්නම්” – මහේලගෙන් තිලංගට සැර පිළිතුරක්

Date:

ක්‍රීඩකයින් වරදක් සිදු කර නැත්නම් 2011 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් තරගය පාවා දුන් බවට එල්ල වන චෝදනා සම්බන්ධයෙන් ඇතැම් ක්‍රීඩකයින් ට්විටර් පණිවිඩ ඔස්සේ අදහස් පල කරන්නේ මන්දැයි ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ හිටපු සභාපති තිලංග සුමතිපාල මහතා කළ ප්‍රකාශයට හිටපු නායක මහේල ජයවර්ධන ප්‍රතිචාර දක්වා තිබෙනවා.

ඒ, ට්විටර් පණිවිඩයක් නිකුත් කරමින්.

“තරග පාවාදීමට ක්‍රීඩකයින් සම්බන්ධ නැත්නම් ඇයි කලබල වෙන්නේ? කලබල වෙලා, ට්වීට් ගහලා, ප්‍රකාශ කරන්නේ නැතුව පොඩ්ඩක් ඉවසලා හිටියනම්, තමන් ඒවට නිර්දෝෂීනම් ඕවට උත්තර දෙන්න ගිහිං තමයි ප්‍රශ්න ඇති වෙන්නේ.තමන් වැරැදි කරල නැත්නම් තොප්පිය දාගන්න ඕනෙ නෑ”

යනුවෙන් තිලංග සුමතිපාල මහතා මාධ්‍ය හමුවකදී සදහන් කළා.

ඊට ප්‍රතිචාර දක්වමින් මහේල පෙන්වා දෙන්නේ තිලංග සුමතිපාල මහතා විෂය කරුණු සම්බන්ධයෙන් ඉහළ අත්දැකීම් ඇති අයෙකු වන බැවින් ඉදිරියේ දී ප්‍රතිචාර දැක් වීමට හෝ තොප්පි දා ගැනීමට පෙර ඔහු සමග අදාළ කරුණු පිළිබද පරීක්ෂා කර බලන බවයි.

තිලංග සුමතිපාල මහතා දැක් වූ අදහස සහ ඊට මහේල ජයවර්ධන දැක් වූ ප්‍රතිචාරය පහතින් –

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...