බංග්ලාදේශයට එරෙහි ශ්‍රී ලංකා ටෙස්ට් සංචිතය නිල වශයෙන් ප්‍රකාශයට පත් කෙරේ

Date:

සංචාරක බංග්ලාදේශ කණ්ඩායම සමග පැවැත්වීමට නියමිත තරග දෙකකින් යුත් ටෙස්ට් ක්‍රිකට් තරගාවලිය සදහා වන ශ්‍රී ලංකා සංචිතය ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් අද(20) නිල වශයෙන් ප්‍රකාශයට පත් කළා.

දිමුත් කරුණාරත්නගේ නායකත්වයෙන් යුත් සංචිතයට ක්‍රීඩකයින් 18 දෙනෙකු ඇතුළත්.

මෙම සංචිතය සදහා ද කුසල් මෙන්ඩිස් සහ කුසල් ජනිත් ඇතුළත්ව නැහැ.

ආබාධයක් හේතුවෙන් ලසිත් ඇඹුල්දෙණිය මෙම තරගාවලියට ක්‍රීඩා නොකරන අතර, ඒ අනුව ඔහු වෙනුවට නවක වමත් දග පන්දු යවන ක්‍රීඩක ප්‍රවීන් ජයවික්‍රම සංචිතයට කැදවා තිබෙනවා.

එමෙන්ම නවක වේග පන්දු යවන ක්‍රීඩක ඩිල්ෂාන් මදුෂංක මෙම සංචිතයට ද ඇතුළත් අතර, කොරෝනා වෛරසය ආසාදනය වීම නිසා නිමා වූ කොදෙව් සංචාරයට එක් වීමට නොහැකි වූ ළහිරු කුමාර ද මෙම සංචිතයට ඇතුළත්.

නිමා වූ කොදෙව් තරග සංචාරය අතරමැද පෞද්ගලික හේතුවක් මත දිවයිනට පැමිණි මැදපෙල පිතිකරු ඇන්ජෙලෝ මැතිව්ස් ද බංග්ලාදේශයට එරෙහි ටෙස්ට් තරගාවලියට නම් කර තිබෙනවා.

ලෝක ටෙස්ට් ශුරතාවලිය යටතේ දෙරට අතර පැවැත්වෙන තරග දෙකකින් යුත් ටෙස්ට් ක්‍රිකට් තරගාවලියේ පළමු තරගය හෙට(21) මහනුවර පල්ලේකැලේ ක්‍රීඩාංගනයේ දී ආරම්භ වීමට නියමිතයි.

ශ්‍රී ලංකා ටෙස්ට් සංචිතය –

දිමුත් කරුණාරත්න, ළහිරු තිරිමාන්න, ඕෂද ප්‍රනාන්දු, ඇන්ජෙලෝ මැතිව්ස්, දිනේෂ් චන්දිමාල්, ධනංජය ද සිල්වා, පැතුම් නිස්සංක, රොෂේන් සිල්වා, දසුන් ශානක, නිරෝෂන් දික්වැල්ල, සුරංග ලක්මාල්, ළහිරු කුමාර, අසිත ප්‍රනාන්දු, විශ්ව ප්‍රනාන්දු, ඩිල්ෂාන් මදුෂංක, වනිදු හසරංග, රමේෂ් මෙන්ඩිස්, ප්‍රවීන් ජයවික්‍රම

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...