දකුණු අප්‍රිකාවේ ක්‍රිකට් තහනම අභියස නායකයින් සමාව ගනියි

Date:

දකුණු අප්‍රිකා ක්‍රිකට් බළධාරීන්ගේ ක්‍රියාකලාපය සම්බන්ධයෙන් එරට ක්‍රිකට් ක්‍රීඩකයින් අනුග්‍රාහකයින්ගෙන් සහ ප්‍රේක්ෂකයින්ගෙන් සමාව ඉල්ලා තිබෙනවා.

ජාතික කණ්ඩායමේ නායකයින් වන ඩීන් එල්ගර්, ටෙම්බා බවුමා සහ Dane van Niekerk (කාන්තා කණ්ඩායමේ නායිකා) යන අයගේ ද අත්සනින් යුතුව දකුණු අප්‍රිකා ක්‍රිකට් ක්‍රීඩකයින්ගේ සංගමය නිකුත් කළ නිවේදනයක මේ බව සදහන්.

රජය සහ ජගත් ක්‍රිකට් කවුන්සලය විසින් දකුණු අප්‍රිකා ක්‍රිකට් තහනම් කිරීමට ඇති අවධානම හමුවේ ක්‍රීඩාවට සිදුවන අගතිය වැළැක්වීම සදහා පවතින ගැටලු විසදන ලෙසටයි එම නිවේදනය මගින් ක්‍රිකට් ක්‍රීඩකයින් ඉල්ලා සිටින්නේ.

බහුතර ස්වාධීන අධ්‍යක්ෂ මණ්ඩලයක් සකස් කිරීම වෙනුවෙන් දකුණු අප්‍රිකා ක්‍රිකට් ආයතනයේ ව්‍යවස්ථාවට යෝජනා කෙරුණු සංශෝදන අනුමත කිරීම ක්‍රිකට් ආයතනයේ සාමාජික කවුන්සලය විසින් ප්‍රතික්ෂේප කිරීමත් සමග මේ වන විට එරට ක්‍රිකට් ක්‍රීඩාව දැඩි අර්බුදයකට ලක්ව තිබෙනවා.

එම ප්‍රතික්ෂේප කිරීම හේතුවෙන් එරට ක්‍රීඩා අමාත්‍යවරයා ක්‍රිකට් ක්‍රීඩාවට දැඩි මැදිහත් වීමක් සිදු කිරිමට ඉඩ ඇති අතර, ඒ අනුව ඔහුට ඇති බලතල ප්‍රකාරව දකුණු අප්‍රිකා ක්‍රිකට් ආයතනය එරට ක්‍රිකට් ක්‍රීඩාවේ පාලක සභාව ලෙස පිළිගැනීමේ තත්ත්වය අහෝසි කිරීමට ඉඩ ඇති බව සදහන්.

එසේ වුවහොත් ජාතික ක්‍රිකට් කණ්ඩායම්වලට ජාත්‍යන්තර තරගවලදී දකුණු අප්‍රිකාව නියෝජනය කිරීමේ අවස්ථාව ද අහිමි වනු ඇති.

ක්‍රීඩා ඇමතිවරයා එවැනි මැදිහත්වීමක් සිදු කළහොත් ජගත් ක්‍රිකට් කවුන්සලය විසින් ද ඔහුගේ ක්‍රියාකලාපය රජයේ මැදිහත්වීමක් ලෙස සලකා දකුණු අප්‍රිකාවේ ක්‍රිකට් ක්‍රීඩාවට තහනමක් පැනවීමට ඉඩ තිබෙනවා.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...