ඉන්දියාව රතු ලැයිස්තුවට නම් කිරීමත් සමග ක්‍රිකට් යළි අර්බුදයක, අයි.සී.සීයෙනුත් නිවේදනයක්

Date:

කොවිඩ් 19 හෙවෙත් කොරෝනා වෛරසයේ ව්‍යාප්තියත් සමග මේ වන විට යළිත් වරක් ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාවට යම් බලපෑමක් එල්ල වෙමින් පවතිනවා.

ඉන්දියාව තුළ පවතින වසංගතයේ ව්‍යාප්ති තත්ත්වය සැලකිල්ලට ගනිමින් බ්‍රිතාන්‍ය රජය විසින් ඉන්දියාව “රතු ලැයිස්තුවට” ඇතුළත් කිරීමට පියවර ගැනීමත් සමගයි මෙම ගැටලුව වර්ධනය වී ඇත්තේ.

ඒ අනුව නව නියමයන්ට අනුව අවසන් දින 10ක කාලය තුළ ඉන්දියාවේ රැදී සිටි පුද්ගලයින්ට බ්‍රිතාන්‍යයට ඇතුළු වීම සිකුරාදා අලුයම 4 සිට සම්පූර්ණයෙන් තහනම් වන අතර, බ්‍රිතාන්‍ය හෝ අයර්ලන්ත පදිංචිකරුවන්ට හෝ පදිංචි අයිතිය හිමි පුද්ගලයින්ට දින 10ක කාලයක් නිරෝධායනයට ලක් වීමට සිදු වනු ඇති.

පාකිස්තානය ද මෙම රතු ලැයිස්තුවට ඇතුළත්.

බ්‍රිතාන්‍ය රජය විසින් මෙම නියමයන් පැනවීමත් සමග ඉන් ඇති වන බලපෑම සම්බන්ධයෙන් ජගත් ක්‍රිකට් කවුන්සලය (අයි.සී.සී) මේ වන විට බ්‍රිතාන්‍ය රජය සමග සාකච්ඡා ආරම්භ කර තිබෙනවා.

ඇතිව තිබෙන තත්ත්වයන් හමුවේ වුවද ගැටලුවකින් තොරව ලෝක ටෙස්ට් ශූරතාවලියේ අවසන් මහා තරගය නියමිත පරිදි පැවැත්වීමට හැකි වනු ඇති බවටයි ජගත් ක්‍රිකට් කවුන්සලය විශ්වාසය පල කරන්නේ.

ලෝක ටෙස්ට් ශූරතාවලියේ අවසන් මහා තරගය ලබන ජූනි 18 වනදා එංගලන්තයේ සවුත්හැම්ටන් ක්‍රීඩාංගනයේ දී ආරම්භ වීමට නියමිතව ඇති අතර, ඒ සදහා සුදුසුකම් ලබා ඇත්තේ නවසීලන්තය සහ ඉන්දියාවයි.

“වසංගතයක් මධ්‍යයේ අපට ජාත්‍යන්තර ක්‍රිකට් ආරක්ෂිතව පැවැත්විය හැකි ආකාරය එංගලන්ත ක්‍රිකට් ආයතනය සහ අනෙකුත් සාමාජිකයින් පෙන්නුම් කර තිබෙනවා. අපට එය අඛණ්ඩව සිදු කර ගෙන යා හැකි බව විශ්වාසයි වගේම ජුනි මාසයේදී බ්‍රිතාන්‍යයේ දී පැවැත්වීමට නියමිත ලෝක ටෙස්ට් ශූරතාවලියේ අවසන් මහා තරගය සැලසුම් කළ පරිදි පැවැත්වෙනු ඇති.” යනුවෙන් ජගත් ක්‍රිකට් කවුන්සලය නිවේදනය කළා.

ලෝක ටෙස්ට් ශූරතාවලියේ අවසන් මහා තරගය හැරුණු විට එළඹෙන ගිම්හාන තරග වාරයේ දී ශ්‍රී ලංකාව ඇතුළු විදෙස් කණ්ඩායම් කිහිපයක්ම එංගලන්තයේ තරග සංචාරවල නිරත වීමට නියමිතව තිබෙනවා.

එහිදී ඉන්දියාව තරග 5කින් යුත් ටෙස්ට් තරගාවලියකට එක්වීමට නියමිත අතර, “රතු ලැයිස්තුවට” ඇතුළත්ව ඇති පාකිස්තානය ද එක්දින සහ 20යි 20 තරගාවලි ක්‍රීඩා කිරීම සදහා එංගලන්තයට පැමිණිමට නියමිතයි.

පවතින තත්ත්වය හමුවේ වුවද ආරක්ෂාකාරී අයුරින් අදාළ තරගාවලි සංවිධාන කිරීම සම්බන්ධයෙන් මේ වන විට එංගලන්ත ක්‍රිකට් බළධාරීන් ද එරට රජය සමග සාකච්ඡා ආරම්භ කර තිබෙනවා.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...