රාජස්ථාන් මැද පෙල අසාර්ථක වීමත් සමග චෙන්නායි කණ්ඩායමට පහසු ජයක්

Date:

මෙවර ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ සිය දෙවැනි ජයග්‍රහනය ද වාර්තා කරමින් ප්‍රසාද ලකුණු සටහනේ දෙවැනි ස්ථානය දක්වා ඉදිරියට පැමිණීමට චෙන්නායි සුපර් කිංග්ස් කණ්ඩායම අද(19) සමත් වුණා.

ඒ, රාජස්ථාන් රෝයල්ස් කණ්ඩායම සමග පැවැති තරගයෙන් ලකුණු 45ක ජයක් වාර්තා කිරීමත් සමගයි.

මුම්බායි හි පැවැති තරගයේ කාසියේ වාසිය දිනූ රාජස්ථාන් පිලේ ආරාධනයෙන් පළමුවෙන් පන්දුවට පහරදුන් චෙන්නායි කණ්ඩායම කඩුලු 9ක් දැවී ලකුණු 188ක් රැස් කළා.

ෆෆ් ඩු ප්ලෙසිස් ලකුණු 33ක්, අම්බටි රයිදු ලකුණු 27ක් සහ මොයීන් අලී ලකුණු 26ක් ලබා ගනිමින් ඉනිම ශක්තිමත් කළා.

ඉනිමේ අවසන් පන්දුවාර කිහිපයේ පන්දුවට පහරදීමට පැමිණි ඩ්වේයන් බ්‍රාවෝ පන්දු 8කින් නොදැවී ලකුණු 20ක් ලබා ගත්තේ හයේ පහරක් සහ හතරේ පහර 2ක් සමගින්.

ALSO READ : පන්දු රකින්නෙකු පිත්ත සමග දිව යද්දී පිත්ත නොමැති බ්‍රාවෝ ලකුණු දෙකක් දිව ගිය හැටි

නායක මහේන්ද්‍ර සිං දෝනි මෙම ඉනිමේ දී ලකුණු 18(17)කට දැවී ගියා.

පන්දු යැවීමේ දී චෙටාන් සාකරියා ලකුණු 36කට කඩුලු 3ක් දවා ගත් අතර, ක්‍රිස් මොරිස් ලකුණු 33කට කඩුලු 2ක් බිද හෙලුවා.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ රාජස්ථාන් රෝයල්ස් කණ්ඩායමට පන්දුවාර 20 නිමා කිරීමට සිදු වූයේ කඩුලු 9ක් දැවී ලකුණු 143ක් ලබා ගනිමින්.

ජොස් බට්ලර් පන්දු 35කින් හයේ පහර 2ක් සහ හතරේ පහර 5ක් සමගින් ලකුණු 49ක් රැස් කර සිටියදී රවීන්ද්‍ර ජඩේජා යොමු කළ සුපිරි පන්දුවක් හමුවේ දැවී ගියා.

කෙසේ වෙතත්, රාජස්ථාන් මැද පෙල පිතිකරුවන් අසාර්ථක වීම හේතුවෙන් චෙන්නායි කණ්ඩායමට මෙම තරගයෙන් පහසු ජයක් හිමි කර ගැනීමට අවස්ථාව උදා වුණා.

පන්දු යැවීමේ දී රවීන්ද්‍ර ජඩේජා සහ සෑම් කරන් කඩුලු 2 බැගින් බිද හෙලුවා.

ජඩේජා මෙම තරගයේ දී උඩ පන්දු 4ක් ද රැක ගැනීම ද විශේෂත්වයක්.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...