සිම්බාබ්වේ 20යි 20 සංචිතයට නවකයින් තිදෙනෙක්

Date:

පාකිස්තානය සමග පැවැත්වීමට නියමිත තරග 3කින් යුත් පන්දුවාර 20යි 20 ක්‍රිකට් තරගාවලිය සදහා වන සිම්බාබ්වේ සංචිතය නම් කර තිබෙනවා.

ඒ සදහා මෙතෙක් 20යි 20 ජාත්‍යන්තර වරම් දිනා නොමැති Tadiwanashe Marumani, Tanaka Chivanga සහ Tapiwa Mufudza යන ක්‍රීඩකයින් තිදෙනා ද ඇතුළත්.

ක්‍රීඩකයින් 15 දෙනෙකු නම් කර ඇති සංචිතයේ නායකයා ලෙස ශෝන් විලියම්ස් කටයුතු කරනවා.

ඒ, සීමිත පන්දුවාර තරගවල නිත්‍ය නායකයා වන චමූ චිබාබා ආබාධයක් හේතුවෙන් මෙම තරගාවලියට ද ක්‍රීඩා නොකිරීම හේතුවෙන්.

දෙරට අතර පැවැත්වෙන පළමු 20යි 20 තරගය එළඹෙන 21 වනදා පැවැත්වීමට නියමිතයි.

Squad: Sean Williams (captain), Ryan Burl, Regis Chakabva, Tanaka Chivanga, Craig Ervine, Luke Jongwe, Tinashe Kamunhukamwe, Wessly Madhevere, Tadiwanashe Marumani, Wellington Masakadza, Tapiwa Mufudza, Blessing Muzarabani, Richard Ngarava, Brendan Taylor, Donald Tiripano

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...