ශ්‍රී ලංකාව තෙවැනි දිනටත් පුහුණු කටයුතුවල, ඩිල්ෂාන් ආබාධයකට ලක්වෙයි

Date:

ලෝක ටෙස්ට් ශූරතාවලිය යටතේ බංග්ලාදේශයට එරෙහිව පැවැත්වීමට නියමිත තරග දෙකකින් යුත් ටෙස්ට් ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් ශ්‍රී ලංකා කණ්ඩායම අද(19) තෙවැනි දිනටත් මහනුවර පල්ලකැලේ ක්‍රීඩාංගණයේදී සිය පුහුණුවීම් කටයුතුවල නිරත වුණා.

අද පෙරවරුවේ පැවැති පුහුණුවීම් සඳහා වමත් වේග පන්දු යවන ක්‍රීඩක ඩිල්ෂාන් මධුශංක හැර ශ්‍රී ලංකා සංචිතයේ සෙසු සියලුම ක්‍රීඩකයින් එක්ව සිටි බව සදහන්.

පුහුණුවීම් අතරතුරදී ඇතිවූ ආබාධයක් හේතුවෙනුයි ඩිල්ෂාන් මදුශංකට පුහුණුවීම් සදහා එක් වීමට නොහැකි වී ඇත්තේ.

ආබාධය නිසා ඇතැම්විට ඔහුට බංග්ලාදේශ තරගාවලිය ද ක්‍රීඩා කිරීමේ අවස්ථාව අහිමි වීමට ඉඩ ඇති බවයි වාර්තා වන්නේ.

පළමු තරගය ක්‍රීඩා කිරීමට නියමිත තණතීරුව සම්බන්ධයෙන් නායක දිමුත් කරුණාරත්න සහ පුහුණුකරු මිකී ආතර් අද දිනයේ දී නිරීක්ෂණයක ද නිරත වුණා.

කොදෙව් සංචාරය නිමා කර දිවයිනට පැමිණි ශ්‍රී ලංකා ටෙස්ට් කණ්ඩායම බංග්ලාදේශ තරගාවලිය අරමුණු කර ගනිමින් පුහුණුවීම් කටයුතු ආරම්භ කිරීම සදහා මහනුවරට පැමිණියේ පසුගිය 15 වැනිදායි.

මේ අතර, බංග්ලාදේශ කණ්ඩායම ද අද දිනයේදී මහනුවරට ළඟා වී තිබෙනවා.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...