බිරිදගේ සහ දරුවන්ගේ ප්‍රතිචාරයට සංවේදී වූ ඩි විලියස්

Date:

රෝයල් චැලෙන්ජර්ස් බැංගලෝර් කණ්ඩායමේ සුපිරි පිතිකරු ඒ.බී. ඩි විලියස් මෙවර ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය යටතේ ඊයේ(18) චෙන්නායී ක්‍රීඩා පිටියේ පැවති තරගයේ දී ක්‍රීඩා කළ සුපිරි ඉනිම පිළිබද තොරතුරු අප ඔබට මීට පෙර වාර්තා කළා.

කොල්කටා නයිට් රයිඩර්ස් කණ්ඩායමට එරෙහිව පැවැති මෙම තරගයෙන් බැංගලෝර් කණ්ඩායම ලකුණු 38ක ජයක් ද වාර්තා කිරීමට සමත් වූ අතර, තරගයේ වීරයා ලෙස ද සම්මාන දිනා ගත්තේ ඒ.බී. ඩි විලියස්.

මෙම තරගයේදී කැමරා කාචයේ සටහන් වූ අපූර්ව සිදුවීමක් මේ වන විට බොහෝ දෙනෙකුගේ අවධානය දිනා ගෙන ඇති බවක් දක්නට ලැබෙනවා.

ඒ.බී. ඩි විලියර්ස් කඩුලු රකිමින් සිටින අවස්ථාවේදී ඔහුගේ බිරිඳ සමගින් දරුවන් දෙදෙනා ප්‍රේක්ෂකාගාරයේ සිට ඔහුව දිරිමත් කරන අයුරු දැකගන්නට ලැබුණා.

එම අවස්ථාවේ දී පෙරලා ඔවුන්ගේ දිරිගැන්වීමට තරමක් සංවේදීව ප්‍රතිචාර දැක්වීමට ඩි විලියර්ස් කටයුතු කිරීම විශේෂත්වයක්.

මෙම අපූර්ව සිදුවීම පිළිබඳ මේ වන විට සමාජ මාධ්‍ය තුළ වැඩි අවධානයක් යොමු වී ඇති අයුරු දැකගන්නට ලැබෙනවා.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...