දවාන්ගේ සුපිරි ඉනිම හමුවේ දැවැන්ත ඉලක්කය දිල්ලිය පහසුවෙන් පසු කරයි

Date:

ශිකර් දවාන්ගේ අගනා පිතිහරඹය හේතුවෙන් ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය යටතේ පැවැති 11 වන තරගයෙන් පංජාබ් කිංග්ස් කණ්ඩායම පරදා කඩුලු 6ක විශිෂ්ඨ ජයක් වාර්තා කිරීමට දිල්ලි කැපිටල්ස් කණ්ඩායම සමත් වුණා.

මුම්බායිහි පැවැති තරගයේ පළමුවෙන් පන්දුවට පහරදුන් පංජාබ් කණ්ඩායම විසින් කැපිටල්ස් කණ්ඩායමට තරගය ජය ගැනීම සදහා ලකුණු 196ක දැවැන්ත ඉලක්කයක් ලබා දුන්නා.

කෙසේ වෙතත්, එම ලකුණු ප්‍රමාණය පන්දුවාර 18.2ක් අවසානයේ කඩුලු 4ක් දැවී පසුකර යාමට දිල්ලි කැපිටල්ස් ක්‍රීඩකයින් සමත් වුණේ ශිකර් දවාන් පන්දු 49කින් ලබා ගත් වේගවත් ලකුණු 92න් සවිමත් වෙමින්.

ඔහුගේ ඉනිම හයේ පහර 2කින් සහ හතරේ පහර 13කින් වර්ණවත් වුණා.

ප්‍රිත්වි ෂෝ ලකුණු 32(17)ක් සහ මාර්කස් ස්ටොයිනිස් නොදැවී ලකුණු 27(13)ක් ලබා ගනිමින් කැපිටල්ස් ඉනිම තවදුරටත් ශක්තිමත් කළා.

පන්දු යැවීමේ දී ජයි රිචර්ඩ්සන් කඩුලු 2ක් දවා ගත් අතර, අර්ෂ්දීප් සිං සහ Riley Meredith අතර එක් කඩුල්ල බැගින් බෙදී ගියා.

තරගයේ පළමුවෙන් පන්දුවට පහරදුන් පංජාබ් කණ්ඩායම කඩුලු 4ක් දැවී ලකුණු 195ක් රැස් කිරීමේ දී නායක කේ.එල් රාහුල් සහ මයාන්ක් අගාර්වල් අතර පළමු කඩුල්ලට ගොඩ නැගුණු ලකුණු 122ක සබදතාවය කැපී පෙණුනා.

අගාර්වල් ලකුණු 69(36) ක් සහ රාහුල් ලකුණු 61ක් ලබා ගත්තා.

මෙම ජයත් සමගින් දිල්ලි කැපිටල්ස් කණ්ඩායම ප්‍රසාද ලකුණු සටහනේ දෙවැනි ස්ථානයට පත්ව සිටින්නේ ක්‍රීඩා කළ තරග 3න් තරග 2ක් ජය ගනිමින්.

ක්‍රීඩා කළ තරග 3න් එකක් ජයගත් පංජාබ් කණ්ඩායම රැදී සිටින්නේ එහි 7 වන ස්ථානයේයි.

ප්‍රසාද ලකුණු සටහනේ පෙරමුණ සහභාගී වූ තරග 3ම ජය ගත් රෝයල් චැලෙන්ජර්ස් බැංගලෝර් කණ්ඩායමට හිමිව තිබෙනවා.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...