ශ්‍රී ලංකා – බංග්ලාදේශ තරගාවලියේ තරග නිළධාරීන් ප්‍රකාශයට පත් කෙරේ

Date:

ශ්‍රී ලංකා – බංග්ලාදේශ ටෙස්ට් ක්‍රිකට් තරගාවලිය සදහා එක්වන තරග නිළධාරීන්ගේ නම් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය ප්‍රකාශයට පත් කර තිබෙනවා.

ඒ අනුව ටෙස්ට් තරග දෙකේ දී ම පිටියේ විනිසුරුවරුන් වශයෙන් කුමාර ධර්මසේන සහ රුචිර පල්ලියගුරුගේ යන මහත්වරුන් කටයුතු කිරීමට නියමිතයි.

එම තරග දෙකේම තරග තීරකවරයා වන්නේ රංජන් මඩුගල්ල මහතායි.

රවීන්ද්‍ර විමලසිරි මහතා තෙවන විනිසුරු ලෙස කටයුතු කරන අතර, පළමු තරගයේ සිව්වැනි විනිසුරුවරයා ලෙස ලින්ඩන් හැනිබල් මහතා කටයුතු කරනු ඇති.

ප්‍රගීත් රඹුක්වැල්ල මහතා දෙවැනි තරගයේ සිව්වැනි විනිසුරුවරයා ලෙසයි කටයුතු කිරීමට නියමිතව ඇත්තේ.

දෙරට අතර පැවැත්වෙන පළමු ටෙස්ට් තරගය එළඹෙන 21 වනදා මහනුවර පල්ලේකැලේ ක්‍රීඩාංගනයේ දී ආරම්භ වීමට නියමිතයි.

SLC

 

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...