ෂාරුක් ඛාන්ගේ හුදෙකලා සටන අපතේ යවමින් චෙන්නායට පහසු ජයක්

Date:

ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ 8 වන තරගයෙන් පංජාබ් කිංග්ස් කණ්ඩායම පරදා කඩුලු 6ක ජයක් වාර්තා කිරීමට චෙන්නායි සුපර් කිංග්ස් කණ්ඩායම සමත් වුණා.

මුම්බායි හි වැන්කඩේ ක්‍රීඩාංගනයේ පැවැති තරගයේ පළමුවෙන් පන්දුවට පහරදුන් පංජාබ් කණ්ඩායම කඩුලු 8ක් දැවී රැස් කළේ ලකුණු 106ක් පමණයි.

ලකුණු 26ක්ව තිබියදී ඉනිමේ පස් වන කඩුල්ල බිද වැටුණා.

මයාන්ක් අගාර්වල් හා නිකලස් පූරාන් ලකුණු නොලබා දැවී ගිය අතර, කේ.එල් රාහුල් ලකුණු 5කටත්, ක්‍රිස් ගේල් ලකුණු 10කටත්, දීපක් හූදා ලකුණු 10කටත් දැවී ගියා.

ශාරුක් ඛාන් පන්දු 36කින් ලකුණු 47ක් ලබා ගත්තේ හයේ පහර 2ක් සහ හතරේ පහර 4ක් සමගින්.

ජයි රිචර්ඩ්සන් ලකුණු 15ක් රැස් කළ අතර, පන්දු යැවීමේ දී දීපක් චහාර් ලකුණු 13කට කඩුලු 4ක් දවා ගත්තා.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ චෙන්නායි කණ්ඩායම පන්දුවාර 15.4ක් අවසානයේ කඩුලු 4ක් දැවී ජයග්‍රාහී ඉලක්කය පසු කළා.

ෆෆ් ඩු ප්ලෙසිස් නොදැවී ලකුණු 36ක් සහ මොයීන් අලී ලකුණු 46ක් ලබා ගත්තා.

මොහොමඩ් ෂාමි ලකුණු 21කට කඩුලු 2ක් දවා ගත්තා.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...