තියුණු සටනකින් පසු තරගාවලියේ ජය පාකිස්තානයට

Date:

දකුණු අප්‍රිකාව සමග පැවැති තරග 4කින් යුත් පන්දුවාර 20යි 20 ක්‍රිකට් තරගාවලිය තරග 3-1ක් ලෙස ජය ගැනීමට සංචාරක පාකිස්තාන කණ්ඩායම සමත් වුණා.

ඒ, දෙරට අතර පැවැති අවසන් 20යි 20 තරගයෙන් පාකිස්තානය කඩුලු 3ක ජයක් වාර්තා කරමින්.

සෙන්චූරියන්හි පැවැති තරගයේ පළමුවෙන් පන්දුවට පහරදුන් දකුණු අප්‍රිකාව පන්දුවාර 19.3ක් අවසානයේ සියලු දෙනා දැවී ලකුණු 144ක් රැස් කළා.

රසී වැන් ඩර් ඩුසේන් පන්දු 36කින් ලකුණු 52ක් සහ ජෙනමන් මලාන් ලකුණු 33ක් ලබා ගත්තා.

ඒඩ්න් මාක්‍රම් ලකුණු 11කට දැවී ගිය අතර, සෙසු කිසිදු පිතිකරුවෙකුට ලකුණු 10 සීමාව පසු කර යාමට අවස්ථාවක් හිමි වූයේ නැහැ.

ඉනිමේ තෙවැනි කඩුල්ල පන්දුවාර 12.5ක් අවසානයේ ලකුණු 109දී බිද වැටුණු නමුත්, ඒ වන විට ඉහළ ලකුණු සංඛ්‍යාවක් රැස් කිරීමට අවශ්‍ය පදනම සකස් වී තිබුණා.

කෙසේ වෙතත්, ඉනිමේ සෙසු කඩුලු 7 දැවී ගියේ ලකුණු 35ක් තුළයි.

පන්දු යැවීමේ දී ෆහීම් අශ්රෆ් සහ හසන් අලී කඩුලු 3 බැගින් බිද හෙලුවා.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ පාකිස්තානය ඉනිම නිමා වීමට එක් පන්දුවක් ඉතිරිව තිබියදී ජයග්‍රාහී ඉලක්කය පසු කළේ කඩුුලු 7ක් දැවී සිටියදීයි.

ෆකාර් සමාන් ලකුණු 60ක් පන්දු 34කින් ලබා ගත්තේ හයේ පහර 4ක් සහ හතරේ පහර 5ක් සමගින්.

බබාර් අසාම් ලකුණු 24ක් සහ මොහොමඩ් හෆීස් ලකුණු 10ක් රැස් කළ අතර, පාකිස්තානය ජයග්‍රහනය කරා රැගෙන ගිය මොහොමඩ් නවාස් නොදැවී ලකුණු 25යි.

පන්දු යැවීමේ දී ලිසාද් විලියම්ස් සහ සිසන්ඩා මගාලා (Sisanda Magala) කඩුලු 2 බැගින් බිද හෙලුවා.

 

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...