බබාර්ගේ සුපිරි ශතකය හමුවේ පාකිස්තානය සිය ඉහළම 20යි 20 හඹා යාම සම්පූර්ණ කරයි

Date:

බබාර් අසාම්ගේ සුපිරි ශතකයෙන් සවිමත් වෙමින් දකුණු අප්‍රිකා කණ්ඩායම සමග පැවැති තෙවැනි පන්දුවාර 20යි 20 ක්‍රිකට් තරගයෙන් වාර්තාගත හඹායාමක් සමගින් විශිෂ්ඨ ජයක් වාර්තා කිරීමට සංචාරක පාකිස්තාන කණ්ඩායම අද(14) සමත් වුණා.

සෙන්චූරියන්හි පැවැති තරගය ජය ගැනීම සදහා පාකිස්තානයට ලකුණු 204ක දැවැන්ත ඉලක්කයක් හිමි වූ අතර, එම ඉලක්කය ඔවුන් පසු කර ගියේ පන්දුවාර 18ක් අවසානයේ එක් කඩුල්ලක් පමණක් දැවී සිටියදීයි.

එය පාකිස්තාන කණ්ඩායමක් 20යි 20 ජාත්‍යන්තර තරගයක් හඹා ගොස් ජය ගත් ඉහළම ලකුණු සංඛ්‍යාව වීම විශේෂත්වයක්.

නායක බබාර් අසාම් පන්දු 59කින් වේගවත් ලකුණු 122ක් රැස් කළේ හයේ පහර 4ක් සහ හතරේ පහර 15ක් සමගින්.

එම ශතකයත් සමගින් බබාර් අසාම් ඉතිහාසගත වුණේ 20යි 20 ජාත්‍යන්තර තරගයකදී ශතකයක් වාර්තා කළ තෙවැනි පාකිස්තාන ක්‍රීඩකයා වෙමින්.

මොහොමඩ් රිස්වාන් නොදැවී ලකුණු 73ක් ලබා ගත්තේ පන්දු 47කින් හයේ පහර 2ක් සහ හතරේ පහර 5ක් සිය ඉනිමට එක්කරමින්.

ඔවුන් දෙදෙනා අතර පළමු කඩුල්ලට ගොඩ නැගුණු සබදතාවය ලකුණු 197ක්.

තරගයේ පළමුවෙන් පන්දුවට පහරදුන් දකුණු අප්‍රිකාව කඩුලු 5ක් දැවී ලකුණු 203ක් ලබා ගත්තා.

ඔවුන්ගේ ඉනිමේ පළමු කඩුල්ල සදහා ජනෙමන් මලාන් (Janneman Malan) සහ ඒඩ්න් මාක්‍රම් අතර ලකුණු 108ක සබදතාවයක් ගොඩ නැගුණා.

මාක්‍රම් ලකුණු 63ක් සහ මලාන් ලකුණු 55ක් රැස් කළ අතර, රසී වැන් ඩර් ඩුසේන් නොදැවී ලකුණු 34යි.

පන්දු යැවීමේ දී මොහොමඩ් නවාස් කඩුලු 2ක් දවා ගත් අතර, හසන් අලී, ෆහීම් අශ්රෆ් සහ ශහීන් අෆ්රිඩි එක් කඩුල්ල බැගින් බිද හෙලුවා.

ඒ අනුව දෙරට අතර පැවැත්වෙන තරග 4කින් යුත් 20යි 20 තරගාවලිය තරග 2-1ක් ලෙස මේ වන විට පෙරමුණ ගෙන සිටින්නේ පාකිස්තාන කණ්ඩායමයි.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...