කෝලි අභිබවා එක්දින කිරුළ බබාර්ට

Date:

අයි.සී.සී ජාත්‍යන්තර එක්දින ක්‍රිකට් පිතිකරුවන් ශ්‍රේණිගත කිරීම්හි අංක එක ස්ථානයට පත්වීමට පාකිස්තාන නායක බබාර් අසාම් සමත් වී තිබෙනවා.

ඒ, මෙතෙක් එහි පෙරමුණ ගෙන සිටි ඉන්දීය නායක විරාට් කෝලි දෙවැනි ස්ථානයට පත් කරමින්.

දකුණු අප්‍රිකාව සමග නිමා වූ තෙවැනි එක්දින තරගයේ දී බබාර් අසාම් පන්දු 82කින් ලකුණු 94ක් රැස් කළ අතර, ඒ හේතුවෙන් ඔහුට ප්‍රසාද ලකුණු 13ක් හිමිව තිබෙනවා.

ඒ අනුව බබාර් අසාම් මේ වන විට ප්‍රසාද ලකුණු 865ක් හිමි කර ගෙන සිටින අතර, විරාට් කෝලිට හිමිව ඇත්තේ ප්‍රසාද ලකුණු 857ක් පමණයි.

මීට පෙර විරාට් කෝලි දින 1,258ක කාලයක් එක්දින පිතිකරණ අංශයේ පෙරමුණ ගෙන සිටියා.

බබාර් අසාම්ට පෙර එක්දින ශ්‍රේණිගත කිරීම්හි පිතිකරණ අංශයේ පෙරමුණ හිමි කර ගෙන සිටි පාකිස්තාන ක්‍රීඩකයින් වූයේ සහීර් අබ්බාස් (1983-84), ජාවෙඩ් මියන්ඩාඩ් (1988-89) සහ මොහොමඩ් යුසුෆ් (2003).

මීට අමතරව පාකිස්තාන ආරම්භක පිතිකරු ෆකාර් සමාන් ද එක්දින පිතිකරුවන් ශ්‍රේණිගත කිරීම්හි 7 වන ස්ථානය දක්වා ස්ථාන 5කින් ඉදිරියට පැමිණ තිබෙනවා.

එමෙන්ම වේග පන්දු යවන ක්‍රීඩක ශහීන් අෆ්රිඩි එක්දින පන්දු යවන්නන් ශ්‍රේණිගත කිරීම්හි 11 වන ස්ථානය දක්වා ස්ථාන 4කින් ඉදිරියට පැමිණ ඇති බවයි ජගත් ක්‍රිකට් කවුන්සලය නිවේදනය කළේ.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...