එංගලන්තයට යන ශ්‍රී ලංකා සංචිතයට ක්‍රීඩකයින් රැසක් එක් වන ලකුණු

Date:

ශ්‍රී ලංකා කණ්ඩායමේ එළඹෙන එංගලන්ත තරග සංචාරයේ දී එරට ප්‍රාන්ත කණ්ඩායම් සමග කිසිදු පුහුණු තරගයක් නොපැවැත්වීමට තීරණය කර තිබෙනවා.

ඒ අනුව ශ්‍රී ලංකා සංචිතයේම ක්‍රීඩකයින් අතර එම සංචාරයේ දී පුහුණු තරග සංවිධාන කිරීමට නියමිත බවයි වාර්තා වන්නේ.

පවතින කොරෝනා වංසගත තත්ත්වය හේතුවෙන් මෙම තීරණය ගෙන ඇති බව සදහන්.

ඒ අනුව අදාළ තරග සංචාරය සදහා ක්‍රීඩකයින් වැඩි පිරිසකගෙන් යුත් සංචිතයක් සමග ශ්‍රී ලංකා කණ්ඩායම මෙරටින් පිටව යාමට කටයුතු කරනු ඇති.

එළඹෙන ජූනි මාසයේ දී සිදු කිරීමට නියමිත ශ්‍රී ලංකා කණ්ඩායමේ එංගලන්ත තරග සංචාරයට 20යි 20 තරග 3ක් සහ එක්දින තරග 3ක් ඇතුළත්.

ජූනි 15 වනදා ශ්‍රී ලංකා කණ්ඩායම එරටට ළගා වීමට නියමිත අතර, අනතුරුව පළමු 20යි 20 තරගය ජූනි 23 වනදා කාර්ඩිෆ් හී දී පැවැත්වීමට නියමිතයි.

ජූනි 24 වනදා දෙවන 20යි 20 තරගය ද එම ක්‍රීඩාංගනයේ දී ම පැවැත්වෙන අතර, තෙවැනි 20යි 20 තරගය පැවැත්වීමට නියමිතව ඇත්තේ ජූනි 26 වනදා සවුත්හැම්ටන් හී දී යි.

දෙරට අතර පළමු එක්දින තරගය ජූනි 29 වනදා ඩර්හැම්හී දී ද, දෙවැනි එක්දින තරගය ජූලි පළමු වනදා ලන්ඩන්හි ඕවල් ක්‍රීඩාංගනයේ දී ද, තෙවැනි එක්දින තරගය ජූලි 4 වනදා බ්‍රිස්ටල්හී දී ද පැවැත්වීමට සැලසුම් කර තිබෙනවා.

එළඹෙන ගිම්හාන තරග වාරයේ දී එංගලන්ත කණ්ඩායම, ඉන්දියාවට, නවසීලන්තයට සහ පාකිස්තානයට එරෙහිව ද තරගාවලි ක්‍රීඩා කිරීමට නියමිතයි.

එම සියලු කණ්ඩායම් ද සිය සංචිතයේ ම ක්‍රීඩකයින් අතර පුහුණු තරග සංවිධාන කිරීමට කටයුතු යොදා තිබෙනවා.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...