බෙන් ස්ටොක්ස් IPL තරගාවලියෙන් ඉවතට

Date:

රාජස්ථාන් රෝයල්ස් කණ්ඩායමේ තුන් ඉරියව් ක්‍රීඩක බෙන් ස්ටොක්ස්ට මෙවර ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ ඉතිරි තරග ක්‍රීඩා කිරීමේ අවස්ථාව අහිමි වී තිබෙනවා.

ඒ, ඔහුගේ අතක ඇගිල්ලක් ආබාධයකට ලක්වීම හේතුවෙන්.

පංජාබ් කිංග්ස් කණ්ඩායමට එරෙහිව පසුගියදා පැවැති තරගයේ දී ක්‍රිස් ගේල් දවා ගැනීම සදහා ඔහු උඩ පන්දුවක් රැක ගත් අතර, එම අවස්ථාවේ දී බෙන් ස්ටොක්ස්ගේ වම් අතෙහි ඇගිල්ලක් මෙලෙස ආබාධයට ලක්ව ඇති බව සදහන්.

ආබාධයකට ලක්වීම හේතුවෙන් රාජස්ථාන් කණ්ඩායමේ වේග පන්දු යවන ක්‍රීඩක ජොෆ්ර ආචර්ට ද මෙවර තරගාවලිය සදහා මෙතෙක් එක් වීමට නොහැකි වී ඇති තත්ත්වයක් මතයි බෙන් ස්ටොක්ස් ද මේ වන විට ආබාධයකට ලක්ව ඇත්තේ.

ස්ටොක්ස් වෙනුවට කණ්ඩායමට ආදේශ කිරීම සදහා රාජස්ථාන් රෝයල්ස් කණ්ඩායම සතුව මේ වන විට ඩේවිඩ් මිලර් සහ ලියම් ලිවින්ග්ස්ටෝන් වැනි විදෙස් ක්‍රීඩකයින් පසුවන අතර, ඉදිරියේ දී වෙනත් විදෙස් ක්‍රීඩකයෙකු ද සංචිතයට ආදේශ කිරීමට පියවර ගනු ඇති.

රාජස්ථාන් කණ්ඩායමේ ක්‍රිකට් අධ්‍යක්ෂවරයා ලෙස කටයුතු කරන්නේ ශ්‍රී ලංකා හිටපු ක්‍රිකට් නායක කුමාර් සංගක්කාරයි.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...