ශ්‍රීමත් රිචර්ඩ් හැඩ්ලි සම්මානය 4 වැනි වරටත් විලියම්සන්ට

Date:

සිව්වන වරටත් වසරේ හොදම නවසීලන්ත ක්‍රිකට් ක්‍රීඩකයාට හිමි ශ්‍රීමත් රිචර්ඩ් හැඩ්ලි සම්මානයෙන් මෙවර පිදුම් ලැබීමට නායක කේන් විලියම්සන් සමත් වුණා.

ඩෙවෝන් කොන්වේ මෙන්ම කාන්තා කණ්ඩායමේ තුන් ඉරියව් ක්‍රීඩිකා Amelia Kerr ද ඉහළම සම්මානවලින් මෙවර පිදුම් ලබා තිබෙනවා.

නිමා වූ තරග වාරයේ දී විලියම්සන් ජාත්‍යන්තර පිටියේ දී විශිෂ්ඨ දක්ෂතා ප්‍රදර්ශනය කළ අතර, සිය හොදම ටෙස්ට් ඉනිම ලෙස ලකුණු 251ක් බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමට එරෙහිව රැස් කිරීමට ද සමත් වුණා.

වසරේ ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩකයාට හිමි සම්මානයෙන් ද පිදුම් ලැබුවේ කේන් විලියම්සන්.

වසරේ ජාත්‍යන්තර 20යි 20 සහ එක්දින ක්‍රිකට් ක්‍රීඩකයා ලෙස ඩෙවෝන් කොන්වේ සම්මානයෙන් පිදුම් ලැබුවා.

වසරේ ජාත්‍යන්තර එක්දින ක්‍රීඩිකාව ලෙස සම්මානයට පාත්‍ර වුණේ Amy Satterthwaite.

Amelia Kerr වසරේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩිකාව ලෙසයි සම්මාන දිනා ගත්තේ.

මේ අතර, ක්‍රිකට් ක්‍රීඩාව වෙනුවෙන් කළ සුවිශේෂී සේවය අගයමින් හිටපු නවසීලන්ත පිතිකරුවෙකු වන ජෙෆ් ක්‍රෝ Bert Sutcliffe සම්මානයෙන් පිදුම් ලැබුවා.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...