බංග්ලාදේශයට එරෙහිව නම් කර ඇති බවට වාර්තා වන ශ්‍රී ලංකා සංචිතය මෙන්න

Date:

සංචාරක බංග්ලාදේශ කණ්ඩායම සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර පැවැත්වීමට නියමිත තරග 2කින් යුත් ටෙස්ට් ක්‍රිකට් තරගාවලිය ආරම්භ වීම සදහා තවත් ඇත්තේ දින කිහිපයක් පමණයි.

තරගාවලියට ක්‍රීඩා කිරීම සදහා බංග්ලාදේශ කණ්ඩායම ද ඊයේ(12) දිවයිනට පැමිණියා.

ඔවුන් මේ වන විට නිරෝධායනයට ලක්වෙමින් සිටින අතර, PCR වෛද්‍ය පරීක්ෂණ ද මේ වන විට සිදු කර තිබෙනවා.

දෙරට අතර පැවැත්වෙන පළමු ටෙස්ට් තරගය ලබන 21 වනදා ආරම්භ වීමට නියමිත අතර, ඊට පෙර දෙදින පුහුණු තරගයක් සදහා ද බංග්ලාදේශ ක්‍රීඩකයින් එක්වීමට නියමිතයි.

තරගාවලිය සදහා වන ශ්‍රී ලංකා සංචිතය නම් කිරීම සදහා ශ්‍රී ලංකා ක්‍රිකට් තේරීම් කමිටුව රැස්ව තිබූ බව අප ඔබට මීට පෙර තොරතුරු වාර්තා කළා.

එහිදී 22 හැවිරිදි නවක ක්‍රීඩක ප්‍රවීන් ජයවික්‍රම ද ශ්‍රී ලංකා ටෙස්ට් සංචිතය සදහා නම් කිරිමට තීරණය කර තිබූ බවයි වාර්තා වුණේ.

තරගාවලියට නම් කර ඇති බවට වාර්තා වන සංචිතය ක්‍රීඩා මාධ්‍යවේදි Rex Clementine විසින් සිය ට්විටර් ගිණුමේ පල කර තිබුණා.

ඒ අනුව එම සංචිතය මෙසේයි –

දිමුත් කරුණාරත්න, ළහිරු තිරිමාන්න, ඕෂද ප්‍රනාන්දු, ඇන්ජෙලෝ මැතිව්ස්, දිනේෂ් චන්දිමාල්, ධනංජය ද සිල්වා, පැතුම් නිස්සංක, රොෂේන් සිල්වා, දසුන් ශානක, නිරෝෂන් දික්වැල්ල, සුරංග ලක්මාල්, ළහිරු කුමාර, අසිත ප්‍රනාන්දු, විශ්ව ප්‍රනාන්දු, ඩිල්ෂාන් මදුෂංක, වනිදු හසරංග, රමේෂ් මෙන්ඩිස්, ප්‍රවීන් ජයවික්‍රම

ALSO READ : බංග්ලාදේශයට එරෙහි ටෙස්ට් තරගාවලියට මෙන්ඩිස් නැහැ

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...